8 කොටස

727 120 34
                                    

"මොකද බං නිකං කෙල්ලෙක් ඒකිට ලයින් දාන කොල්ලව දැක්ක වගේ ශේප් වෙලා යන්නෙ ..."

සැක් ඇත්ත තමයි. කතා කරලම බලමු කියල මම ආයෙත් පිටිපස්ස හැරිල ඌ ළගට ගියා. මාව එක්කන් ආපු එකා පේන්නත් නෑ. ඕක තමයි කියන්නෙ මට හම්බෙන ඔක්කොම ගොටුකොල දේශද්‍රෝහියො.

"අයිය මාව දන්නවද? "

"අප්පටසිරි මට දැන්නෙ මීටර් උනේ ... මම මල්ලිව දැක්කට උබ මාව දැක්කෙ නෑනෙ."

මම පොඩි හිනාවකුත් දාගෙන මූ දිහා බලන් හිටියෙ මූ කවුද කියල දැනගන්න ඒත් ඌ කියන පාටක්නෑ දැන් නම් බඩගින්නකුත් ලෝඩ් වේගන එනව.

"ඒ ...! රනේ...! මෙහෙ වරෙන්කො... ඒ! "

මූ කෑ ගහල තව එකෙක්ට කතා කරා නමෙන්ම කියන්න පුලුවන් මූ මේ ගෙදර වඩට ඉන්න එකා වෙන්න ඕනි

දෙයිහාමුදුරුවන්ට ඔප්පුවෙච්චාවෙ! ඇත්තටම මම මේ ඇවිත් ඉන්නෙ වැරදි තැනකටද කියල ආයෙත් හිතුනෙ එතනට ආපු කෙනා දැක්කම. කලු පාට ශෝටක් ඇදල ලා නිල්පාට ශර්ට් එකක් ඇදල උඩ බොත්තම් දෙකක් ඇරල තිබුන තැනින් කලු පාට රෝම ගස් ටිකක් එළියට පෙනුන. ලස්සනට ලැවුල ට්‍රිම් කරල හිටපු එයාගෙ ඇහි බැමිදෙක යා වෙන්න ඔන්න මෙන්න කියල තිබුන. ඒ සේරටම වඩා මට බැලුනෙ ඒ ආපු කෙනාගෙ ඇස් දිහා.

කෝපි පාට ඇස් !

'ලස්සනයි' මම ඒක හයියෙන් කිව්වද හිතින්ම කියාගත්තද කියල මට තේරුමක් තිබුනෙ නෑ. මොනව උනත් මං ඉස්සරහ හිටපු පිරිමි රූපෙ දැකල මගෙ හිත ගැස්සුනා.

ඇත්තටම තනිකඩව ඉන්න එකත් එක අතකට වදයක් දකින දකින කෙනාට හිත යනවනෙ. කොහොමත් මට මේ ඇස් දෙක නම් ලේසියෙන් අමතක කරන්න බැරිවෙයි කියල මට හිතුනෙ එවලෙමයි.

"ඒ රනේ බලපංකො මේ පොඩි ඇටයත් ඇවිල්ල"

"හ්ම්ම්.."

අර කොල්ල කියපු දේට හ්ම්ම් විතරක් කියපු එයා ආයෙමත් මගෙ ඔලුවෙ ඉදන් කකුල් දෙකටම ස්කෑන් කලා. ඒත් එක්කම මගෙ බැන්ඩේජ් දිහා ආයෙමත් බලාගෙන හිටියෙ නිකං ළගදිම මැරෙන්න ඉන්න ලෙඩෙක්දිහා අනේ අපොයි කියල බලන් ඉන්නව වගේ.

"අයියෙ ඔයාලට වැරදිලා මං හිතන්නෙ" මුකුත්ම නොකිය ඉන්න බැරි තැන මම කිව්වෙ ආයෙමත් අර ඇස් දෙක දිහා බලන ගමන්. ඒ ඇස් දිහා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now