10 කොටස

711 110 14
                                    

"චුටී..."

"ඕ.. එන්න...ලොකූ"

මම චූටිගෙ කාමරේට එබිල කතා කරේ ඌ මේ ටිකේම අවුලෙන් හිටිය වගේ දැනුන නිසා. මේ පාර සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න නිසා ඌ සෑහෙන්න මහන්සි වෙන්ව කියල මම හොදටම දන්නව එහෙමත් එකේ මොකක් හරි අවුලක් දාගනී කියල අම්ම හැමවෙලේම මට එයා ගැන අවදානෙන් ඉන්න කිව්ව.

"මොකද මේ කවදාවත් නැතුව දවාලෙ නිදාගෙන"

"ඔලුව රිදෙනව ලොකූ. ටිකකින් ඇරිල යයි "

"චූටි මට ඇත්ත කියපං ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ද ?"

"ප්‍රශ්න නම් ගොඩයි බං ලොකූ, ඒවට ඉතිං දෙසැම්බර් මාසෙන් පස්සෙ ආයෙ උත්තර ලියන්නෙ නෑ.."

"අනේ චූටි ඒ මගුලක් නමෙයි මම අහන්නෙ..."

"නෑ අනේ පිස්සුද මේ ටිකේ ස්පෝට්මීට් එකේ වැඩත් එක්ක මහන්සි වෙනවනෙ ඒක හින්ද වෙන්නැති"

"අවුලක් නැත්නම් කමක් නෑ. උබට මොකක් හරි ප්‍රශ්නයක් නම් කියපං චූටි මට ඉන්නෙත් උබ විතරයිනෙ "

එහෙම කියල මම චූටිගෙ ඔලුවත් අතගාගෙන කාමරේට ආව. අපේ වයස් පරතරේ තිබුනෙ අවුරුදු දෙකක් උනත් ඌයි මායි හිටියෙ යාලුවො වගේ එහෙම එකේ මට ඌගෙන්වත් ඌට මගෙන්වත් හංගන්න දෙයක් ඇති කියල මම හිතන්නෙ නෑ.

මම ඇදට ඇව්ත් ඊයෙ අරගත්ත ෆෝන් එකෙන් fb එක පැත්තෙ රවුමක් දැම්ම. ආයෙ හවස ඉස්කෝලෙ පැත්තෙ යන්න ඕනි නිසාම ඇදට වෙලා ටිකක් රෙස්ට් එකේ හිටියෙ අද රෑට කොහොමත් නින්දක් නැති නිසා.

"මෙම සම්මානය මට ලැබුනෙ එයට මම සුදුසු නිසා" - රන්දෙව් සූරියබණ්ඩාර

වෝල් එකේ උඩපහල යමින් හිටපු මම නැවතුනේ හුරුපුරුදු ඇස් දෙකක් ළග. "2022 Neo Award" කියල ගහල තිබුන සම්මානයක් අතේ තියාගෙන ලොකුවට ෆොටෝ එකක් එක්ක ආඩම්බර හිනාවක් දාගෙන හිටියෙ වෙන කවුරුත් නමෙයි රනේ අයිය. මම හිතන්නෙ ඒ ලියල තිබ්බෙ බිස්නස් මැගසින් එකක හෙඩ්ලයින් එකක්. දැක්ක ගමන් මට හිනාගියෙ ඒ මූණ මතක් වෙලා. හිනාපොදක් නැතුව මේක කියද්දි කොහොම ඉන්න අතිද මම හිතින් ඒ මොහොත මවාගත්ත.

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now