2 කොටස

1.1K 122 9
                                    

පැය කිහිපයකට පෙර <<<<

වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථය සුවිශාල හෝටලයක් ඉදිරිපිට නතර විය. එයින් තනි කළුපැහැති ෆුල්කිට් එකක් ඇදසිටි තැනැත්තාද ඉන්පසු ඉදිරි අසුනේ සිටි රූමත් කාන්තාවද රථයෙන් බැස සියලුදෙනාගේ අවධානය දිනාගනිමින් රතු පලස මතින් හෝටලයට ඇතුළු විය.

"Good evening Mr. සූරියබණ්ඩාර ඊයෙ ලංකාවට ලෑන්ඩ් කරපු නිසා මම හිතුව එන්නෙ නැතිවෙයි කියල හහ් හහ් "

"Good evening Mr. ප්‍රසන්න "

කවදත් වැඩි කතාබහක් නැති රන්දෙව් එයාගෙ සීතල සිනහවෙන් විතරක් ප්‍රසන්නට සංග්‍රහ කරල එයාලට වෙන්වෙලා තිබුනු ආසන වල ඉදගත්තා. රන්දෙව් එක්ක ආව කාන්තාවත් ඒ අසලින්ම ඉදගෙන රන්දෙව්ගේ කනට පහත් වුනා.

"පුතා .. පුතා අර අපිට වම් පැත්තෙ ඉස්සරහම ටේබල් එකේ ඉන්නෙ ටනාෂ නේද? ඔහ් එකපාර බලන්න එපා ශේප් එකේ බලන්න."

"අම්ම!!! "

"ඕහ් හරි සොරි සොරි..."

ටනාෂා දිහා බලන්න හිතුනත් රන්දෙව් තම සිතැගි සගවාගෙන වේදිකාව වෙත තම අවධානය යොමු කලා.

"Good evening Mr. සූරියබණ්ඩාර මේ පාර අම්මවත් එක්කන් ඇවිත් වගේ.. හහ් ගිය පාර ආපු එක්කෙනා නම් ඉතිං මේ පාර මගෙ එහා පත්තෙන් තමයි ඉදගෙන ඉන්නෙ ඒ වගේම තමයි ගිය පාර ඒව මේ පාර නෑ... හහ් හහ් "

"Mr. චතුර එහෙනම් එතනට ගිහින් වාඩි උනොත් හොදයි නැත්නම් ඊළග award ceremony එකට එයා වෙන කෙනෙක් ළග ඉන්න බැරි නෑ..."

නිවේදක : ඔව් දැන් අප මෙම වසරේ විශිෂ්ටතම ව්‍යාපාර දිරිගැන්වීම සදහා වූ සම්මාන පිරිණැමීමටයි සූදානම් වන්නේ ඒ සදහා මොරයිසන් ප්‍රයිවට් ලිමිටඩ් ව්‍යාපාර සමූහයේ විධායක කලමනාකාර රණසිංහ මහතාට වේදිකාවට ආරාධනා කර සිටිනවා එම සම්මානය පිරිනැමීමට...

මෙම වසරේ විශිෂ්ටතම ව්‍යාපාර දිරිගැන්වීම සදහා වූ සම්මානයෙන් පිදුම් ලබන්නේ ... "තරුණ දිවිය රටේ සවිය" ව්‍යාපෘතිය වෙනුවෙන් ලිමොස්කා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයටයි!!!! එම ආයතනයේ කලමනාකාර තුමන්ට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මෙම සම්මානය ලබා ගැනීමට වේදිකාවට පැමිණෙන ලෙස...

|| කෝපි පාට ඇස් || ONGOING Where stories live. Discover now