01.

160 25 15
                                    


සඳුදා කියන්නේ හැමෝටම කාර්යබහුල දවසක්.. ඉතින් කම්පැනි එකක ceo කෙනෙක් උන නම්ජුන්ටත් අද ටිකක් කාර්යබහුල දවසක් උනා...

💙 ඔම්මා මං යනවා....

නම්ජුන් පඩිපෙල බහින ගමන් මිසිස් කිම්ට කියන කොට මිසිස් කිම් නම්ජුන්ගේ චණ්ඩි පැටියවත් අරන් එයා ගාවට ආවා...

💙 ඔම්මා මං ගිහින් එන්නම්😊

👵 හරි පුතේ පරිස්සමෙන් ගිහින්
එන්න😊

💙 කෝ මගේ චණ්ඩි ටේයා... එන්නකෝ අප්පා ගාවට🤗

නම්ජුන් කතා කරපු හැටියේ මිසිස් කිම්ගේ අතේ හිටපු ටේ බබා නම්ජුන්ගේ අතට පැන්නා...

👵 මේ කොල්ලට තියෙන දගේ.. අප්පා කිව්වොත් වෙන මුකුත් ඕනේ නැහැ🤭

💚 පා...පා...😁😘

👵 ඔව් ඔව් ඔයාගේ තමා අප්පා.. අපිට එපා..🤭

💙 හරි හරි හුරතලේ... අප්පා ගිහින් එනකල් හැල්මොනීට කරදර කරන්නේ නැතුව ඉන්න ඕනේ හොදද😊 උම්මා😘

ටේ බබාගේ කම්මුලක් කිස් කරලා නම්ජුන් ආයේ ටේව මිසිස් කිම්ගේ අතට දුන්නා... ඒ දුන්න හැටියේ ටේ බබාගේ මූන ඇබුල් උනා.. ටේ බබා දැන් දන්නවා එයාගේ අප්පා එයාව දාලා යන්න තමා යන්නේ කියලා...

💚 හුවෑ... පා...පා.... හුවෑ..😭😭😭😭

මිසිස් කිම්ගේ කොන්ඩේ අදින ගමන් ටේ බබා බෙරිහන් දීලා අඩන්න ගත්තා... ටේ බබා මෙහෙම අඩනවා දකිද්දි නම්ජුන්ට යන්න හිතෙන්නේත් නැහැ.. එතකොටම යුන්හි පඩිපෙල බැහැන් ආවේ එයාගේ ජොබ් එකට යන්නයි...

💙 යුන්හි.. අනේ මේ පුතාව ටිකක් ගන්නකෝ... මට යන්න දෙන්නේ නැහැ පුතු අඩනවා...

🌺 අනේ ජුන් මට හොදටම පරක්කු වෙලා... ඔයාම පුතාව බලන්නකෝ... ඔයා පරක්කු වෙලා ඔෆිස් ගියා කියලා ඔයාට බනින්න කවුරුත් නැහැ නේ😕

💙 හ්ම් හ්ම් එහෙනම් පරිස්සමෙන් යන්න ඔයා..

නම්ජුන්ට උත්තර දෙන්න මහන්සි නොවී යුන්හි ගෙදරින් එලියට බැහැලා යන්න ගියා... මිසිස් කිම් නම්ජුන් දිහා කදුලු පුරවන් බලන් ඉන්නකොට නම්ජුන් හිනාවෙලා ටේව ආයේ අතට ගත්තා... කොල්ලට අඩලා හුස්මගන්නත් බැහැ...

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now