13.

129 25 10
                                    

නම්ජුන් ජින් දෙන්නාට දෙන්නා ආදරේ කරන බව පිලිගත්තා.. හැමෝටම හොරෙන් පුන්චි පුන්චි හාදු... නම්ජුන් වැඩට ගිහින් එනකොට ගේන තෑගි... දෙන්නා අතර නොසෑහෙන හුවමාරු උනා... ජින් කෝස් එකට යන හැමදවසකමත් නම්ජුන් ජින්ව ගන්නත් දාන්නත් පුරුදු වෙලා හිටියා.. එයාලගේ කතාව ඇතුලේ මේවා සාමාන්‍යයි...

අදත් ජින් කෝස් එකට යන දවසක්.. මෙහෙම දවස් වලට ටේ බබාව දාලා යන එක තමා කරන්න අමාරුම වැඩේ... පුන්චි කාලේ වගේ නෙවෙයි ටේ බබාව මගඇරලා ජින් යන එක කරන්න මාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්.. ඉතින් ජින්ව දාන්න නම්ජුන් යනකොට ටේ බබාවත් අරන් ගිහින් ජින්ව බස්සලා අප්පායි පුතයි රවුමකුත් ගහලා තමා ගෙදර යන්නේ.. මේ අතර ටේ බබා හොදට අප්පාගේ පර්ස් එකත් සුද්ද කරනෝ🤭

අදත් ඉතින් ඔන්න හවස් වරුවේ නම් ටේව කෝමහරි ශේප් කරලා නම්ජුන් ආවා ජින්ව ගන්න.. එනකොට කොල්ලා එලියට වෙලා බර කල්පනාව.. නම්ජුන් ආවද කියලාවත් ජින්ට ගානක් නැහැ.. ඉතින් නම්ජුන් වාහනෙන් බැහැලා ජින්ට කතා කලා.. එකපාරටම කතා කරපු නිසා ජින් ටිකක් ගැස්සුනා..

💙  මොකද ලමයෝ මේ..  ගෙදර යන්නේ නැද්ද ම්ම්..

🤎  ආ... හියුන් ආවාද.. යමු එහෙනම්..

💙  ආවද තමා.. මං මෙතන වාහනේ නවත්තනකනුත් සිහියක් නෑ.. කවුරුහරි උස්සන් ගියානම් තමා වැඩේ..

🤎  උස්සන් ගියාට කමක් නෑ කන්න බොන්න වෙලාවට ඕනේ හොදේ😌

💙  අනේ මොකට කියනවද.. නැගපන් බන් ගෙදර යන්න...

නම්ජුන් එහෙම කියාගෙන වාහනේට නැග්ගා ජිනුත් එහා පැත්තෙන් නැග්ගා... යනගමන් ජින් ආයේ කල්පනාවක.. නම්ජුන් බැරිම තැන ඇහුවා..

💙  මොනාද මැනික ඔච්චර කල්පනාව..

🤎  මේ මේකයි හියුන්..

💙  කියන්න ලමයෝ..

🤎  හියුන් මගේ කෝස් පීස් එක ගෙව්වද😕

💙  අනේ නෑනේ.. මාත් මේ ඒක ගෙවලා දාන්න බැලුවේ.. ඇයි මොකක්ද ප්‍රශ්නේ😕

🤎 නැහැ හියුන් මං අද මේ මාසේ පීස් එක ගෙවන්න ගියාම කවුරුහරි මගේ අවුරුද්දෙම පීස් එක ගෙවලා.. අනේ මන්දා..😕

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now