16.

111 24 5
                                    

කිම් මැන්ශන් එකේ හැමෝම ඉදන් කෑම කනවා.. අපේ පන්ඩිත ටේ බබා එයත් කලා වටේ තියෙන පිගන් කෝප්ප වලටත් කවලා... ඒත් ඉතින් මේ කොල්ලා කාටවත් කවන්න දෙන්නේත් නෑ.. ඉතින් ජින් සැරෙන් සැරේ හැන්ද අල්ල ගන්න විදිය කියලා දිදීම ටේ බබා කන දිහා බලන් ඉන්නවා... දවසම උනත් බලන් ඉන්න පුලුවන් හරි ආදරනීය දර්ශන ගොඩක් මේ කිම් මැන්ශන් එක ඇතුලේ තියෙනවා.. දුකින් අඩපු දවසක් එයාලාට මතකවත් නැති තරම්...

හැමෝම කෑම කාලා ඉවරයි... මිසිස් කිම් කෑම මේසේ අස් කරන්න ගන්න කොට ජිනුත් ඒකට උදව් කරන්න එකතු උනා... ඒ අතර නම්ජුන් කුස්සියට ආවා..

👵  පුතා...

💙  ඔව් අම්මා...

👵  ම්ම් මට වැදගත් දෙයක් කතා කරන්න ඕනේ.. පුතාලා දෙන්නාම එක්ක..

මිසිස් කිම් නම්ජුන් වගේම ජින් දිහා බලලා එහෙම කිව්වා.. දෙන්නාම හා කියලා ඔලුව වනලා මිසිස් කිම්ගේ පස්සෙන් ඇදුනේ ලිවින් රූම් එකට...

👵  පුතාලා ඔයාලා දැන් අවුරුදු තුනක් විතර වෙනවා සම්බන්දේ පටන් අරන්.. ටේත් දැන් එන්න එන්න ලොකු වෙනවා.. ඉතින් ඔයාලා දෙන්නා මැරි කරොත් නරකද...

💙  ඔව් ඔම්මා අපි දෙන්නාත් ඒක ගැන කතා කලා.. ජින්ගේ කෝස් එක ඉවර වෙනවා ලබන මාසෙන්.. පස්සේ අපි වෙඩින් එකට ලෑස්ති වෙමු...

👵  ජින් පුතාගෙත් අකමැත්තක් නැනේ ඒකට..

🤎  නෑ ඔම්මා එහෙම හොදයි..

👵  එහෙනම් අපි පුතාගේ exam ඉවර උනාම ගිහින් පුතාලාගේ අම්මාලා එක්ක කතා කරලා දින දාගමු...

🤎  හරි ඔම්මා..

මිසිස් කිම් ජින්ගේ ඔලුව අතගාගෙනම එයාගේ කාමරේට ගියා... ඒ ටිකකින් වලස් මූනු වැටුනු නිල් පාට පිජාමා එකකුත් ඇදගෙන ජින් ගාවට දුවන් ආවේ දග බෝලේ ටේ බබා... ඒ දුවන් ඇවිත් ජින්ගේ උකුලට පැනලා බෙල්ල බදාගත්තේ ඈනුමකුත් අරින ගමන්...

🤎  බෙයා දැන් රෑ වෙලා.. ගිහින් දොයිය ගන්න...

ජින් කිව්වාම ටේ බබා ඔලුව දෙපැත්තට වනලා ආයේ ජින්ගේ බෙල්ලට තවත් මූන ඔබා ගත්තා...

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now