19.

127 18 10
                                    

🤎  හියුන් මෙතන ලස්සනයි...

ජින් වාහනෙන් බැහැලා විලා එක වටේම ඇස් යවන ගමන් කිව්වා... නම්ජුන් ජින්ගේ බෝල් ඇස් දිහා බලාගෙනම ඇවිත් bridal style ජින්ව වඩාගෙන ගේ ඇතුලට යන්න පටන් ගත්තා.. විලා එකට ඇතුල් උන ජින්ගේ ඇස් තවත් දිලිසෙන්න ගත්තේ එලියෙන් වගේම ඇතුලිනුත් ඒක හරිම ලස්සන නිසා...

🤎  හියුන් මේකට ලොකු ගානක් යන්න ඇති නේ...

💙  ඒ පන්ඩිතකම් වෙලින් වැඩක් නෑනේ.. මෙන්න මේ දොර ඇරපන්...

🤎  හුම් හුම් ඉතින්...

තොලත් උල් කරන්ම පොඩ්ඩක් නැවිලා ජින් දොර ඇරියාම නම්ජුන් ජින්වත් අරන් ඇතුලට ගියා... මුලු කාමරේම හරිම ලස්සනට සරසලා තිබ්බා... ඇද පුරාම රෝස මල් පෙති.. මේවා ඉතින් අනිවාර්යයෙන්ම නම්ජුන්ගේ පරම මිත්‍රයන්ගේ වැඩ තමා.. ජින් එන්න එන්නම රතු වෙනව කියලා නම්ජුන් දැක්කා... ජින්ව හිමීට ඇද උඩින් තිබ්බ නම්ජුන් ඒත් එක්කම ඇදට දනහිසක් තියලා ටික ටික ජින්ගේ මූනට නැමුනා... ජිනුත් ඇස් පියාගත්තා... නම්ජුන් හාදුව අතරෙම ජින්ව ඇදේ නිදි කෙරෙව්වා...

ටිකකින් නම්ජුන් හාදුවෙන් ඈත් වෙලා ජින්ගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩ කෑල්ලක් කන පිටිපස්සට කරලා ආයෙත් නැමුනේ ජින්ගේ කන් පෙත්තකට...

💙  ගිහින් වොශ් දාන් එන්න ඔයා ගාව ගදයි...

🤎  යා හියුන්...

නම්ජුන් හිනා වෙන්න ගත්තාම ජින් නම්ජුන්ගේ පපුවට එකක් ගහලා කෙලින් උනා... උන දේත් එක්ක ජින් ලැජ්ජාවෙන් රතු වෙලා.. තව ටිකෙන් පුපුරයිද දන්නෙත් නෑ... නම්ජුන් දිහා බලපු ජින් හොද හැටි රවලා ටවල් එකයි ඇදුනුයි අරන් කෙලින්ම ගියේ බාතෲම් එකට... නම්ජුනුත් කේන්ති ගියාම කියුට් එයාගේ ලිට්ල් හස්බන්ඩ් බාත්රූම් එකට යනකල් ඉදත් එයත් ටවල් එකයි ඇදුනුයි අරන් ගියේ එලියේ බාතෲම් එකට...

ජින් එනකොට නම්ජුන් රූම් එකේ හිටියේ නෑ.. ඉතින් ඉක්මනින් නම්ජුන්ගේ ඇදුම් බෑග් එක ඇදලා අරන් එයාට ඕනේ දේ අරන් ආයේ බාතෲම් එක අස්සට රින්ග ගත්තා... ගිහින් ජින් කන තියාගෙන හිටියේ නම්ජුන් එනකල්... ටිකකින් නම්ජුන් ආවා කියලා එයාට ඇහුනා..

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now