15.

122 27 10
                                    

💙  ඔම්මා මං යනවෝ...

නම්ජුන් පඩි පෙල බහින ගමන් මිසිස් කිම්ට කිව්වා.. මෙච්චර වෙලා යස අගේට ජින් එක්ක පුටුවේ ඉදන් කෑම කකා හිටපු ටේ බබා.. පුටුවෙන් පැනලා ඇවිත් නම්ජුන්ගේ ඇගට පැන්නේ නම්ජුනුත් වැටෙන්න නොදී අල්ල ගනිද්දී.. ටේ ඒ දිව්ව දිවිල්ලට ජින්ට තව ටිකෙන් හාට් ඇටෑක් හැදෙනවා..

💙  ලගදිම කොන්ඩ කැඩෙයි වගේ මගේ..

කියන ගමන් නම්ජුන් ටේ බබාව වඩා ගත්තා.. ජින් ඒ ලගට ඇවිත්,

🤎  බෙයා කියලා තියෙනවා නේද දුවන්න එපා කියලා ම්ම්... නෝටි බෝයි කෙනෙක් වෙන්න ඕනෙද දැන්..

💚  නූ.. බෙයා ඉත් අ ගුත් බෝයි...

🤎  ගුඩ් බෝයිලා ඔහොම දුවන්නේ නෑ බෙයා..

💚  තොලි මමා..

නම්ජුන්ගේ අතේ ඉද්දිම ජින්ගේ මූනට නැමිලා කම්මුලක් කිස් කරපු ටේ බබා තියෙන දත් ටික දාලා හිනා උනා.. ඒ හුරතලේට ඉතින් තවත් ජින්ට තරහා අරන් ඉන්න පුලුවන්ද.. බෑ මිතුර.. ජීවිතේට බෑ..

🤎   මගේ පන කෝ එන්න අප්පා යන්න ඕනීනේ දැන්..

ජින් කිව්වාම නම්ජුන්ගේ අතේ හිටිය ටේ බබා නම්ජුන්ගේ කම්මුලකට කිස් එකක් දීලා එදා දවසේ එයාගේ බඩු ලිස්ට් එක කියන්න ගත්තා.. හැමදාම අප්පා ඔෆිස් යනකොට ආදරෙන් අප්පා ගාවට අපේ ටේ බබා දුවන් එන්නේ ඕකට තමා..

💚  අප්පා.. මත අද චොකෝ ඕනී.. අයිස්ක්‍රීමුත් ඕනී.. තා ස්තෝබෙලිත් ඕනී... අලුත් බෲම් එකකුත් ගෙනත් දෙනෝද අප්පා...😁

කට හද හද හුරතලේට කියනවන ටේ බබා දිහා නම්ජින් දෙන්නා හරිම ආදරෙන් බලන් හිටියා.. එයාලාගේ පන ඩින්ගනේ ඉතින් මේ..

💙  හරි මැනික ඔක්කෝම අරන් එන්නම්.. එතකල් මමා කියනදේ අහන් ඉන්න ඕනේ හොදද...

💚  පිට් අප්පා..

අතින් ටම්බ් අප් එකක් පෙන්නන ගමන් ටේ බබා ජින්ගේ අතට මාරු උනාම නම්ජුන් එයාගේ බබාලා දෙන්නාටම කිස් දෙකක් දීලා ගෙදරින් එලියට බැස්සා.. ඔව් දැන් නම්ජින් දෙන්නා එලිපිට ලව් කරනවා.. කවුරුත් නෑ එයාලාට බාල්දි පෙරලන්න ජෙනී ඇරෙන්න.. ඉතින් හැමදාම වගේ අදත් නම්ජුන් යනකල්ම ජින් ටේ බබා එක්ක නම්ජුන්ට බායි කිව්වා...

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now