05.

142 26 6
                                    

කාලය කාටත් හොරෙන් ඉගිලිලා ගියා වගෙයි දැනුනේ.. ගෙවුන මාස තුනේ ටේ ජින් එක්ක ගොඩක් එකතු උනා... ජින්ට උනත් දැන් ටේව නැතුව බෑ... එයාලගේ බැඳීම හරිම පුදුමාකාරයි...

අද සෙනසුරාදා.. ඒ කියන්නේ හවස් වරුව ජින් කෝස් එකට යනවා... ඉස්සර ඉගෙන ගන්න එකට මුල් තැන දුන්න ජින් දැන් කෝස් එකට යන්නත් අදිමදි කරනවා.. ඒකට හේතුව ටේ.. ටේ නැතුව විනාඩියක්වත් ඉන්න බැරි තරම් එයාලා එකතු වෙලා දැන්...

💙  කෝ පුතු එන්න අප්පා ගාවට...

පහලට වෙලා සෙල්ලම් කර කර හිටපු ජින් ටේ දෙන්නා ලගට ඇවිත් නම්ජුන් කතා කලා.. වෙනෙදට නම්ජුන් කතා කරන්නත් කලින් එයා ගාවට දුවන ටේ අද නම්ජුන්ව ගනන් ගත්තේවත් නැහැ... නම්ජුන්ට නම් දැන් ඒක හුරුයි මොකද ජින් එක්ක ඉන්නකොට වෙන කාවවත් ටේ ගනන් ගන්නේ නැහැ...

💙 ආයිශ් මේ කොල්ලට අපිව මතකත් නැහැ දැන්...

ටේව බලෙන්ම උස්සගන්න ගමන් නම්ජුන් කිව්වා.. ටේනම් එයාව ජින් ළඟින් ගත්තා කියලා බෙරිහන් දෙනවා...

💙  ජින් ඔයා ගිහින් ලෑස්ති වෙන්න..

මිමිනුමකින් නම්ජුන්ට උත්තර දුන්න ජින් ගියේ කෝස් එකට යන්න ලෑස්ති වෙන්නයි...

💚  මා.... මා.... හුවෑ😭😭 

ජින් යන දිහාට ඇගිලි දික් කර කර ටේ මහ හයියෙන් අඩන්න ගත්තා... ඒ නිසාම නම්ජුන් ඉක්මන්ට එයාව එලියට අරන් ගියේ ටිකක් හරි ශේප් කර ගන්නයි..

මාස තුනක් වගේ පොඩි කාලෙකින් ටේ ජින්ට ඔම්මා එහෙමත් නැත්නම් එයාගේ බාසාවෙන් මා කියන්න පුරුදු වෙලා.. සමහර විට ඒ පුන්චි ටේට යුන්හිගෙන් නොලැබෙන ආදරේ ජින්ගෙන ලැබෙන නිසා වෙන්න ඇති..

ටේ කලින් එහෙම කතා කරන කොට නම්ජුන් හිතුවේ ජින් ඒකට අකමැති වේවි කියලා.. ඒත් හිතුවේ නැති විදියට ටේ මා කියලා කතා කරන කොට ජින්ගේ හිතේ ආගන්තුක හැගීමක් උපදින්න ගත්තා... ජින් ටේට සලකන්න ගත්තේ එයාගෙම පුතාට වගේ..

පුන්චි ටේ රෑට බඩගිනි වෙලා අඩනකොට කිරි බෝතලේ ඉවර වෙනකල් බීලත් ජින්ගේ පපුව පහුරු ගගා ඉල්ලන දේ දෙපාරක් නොහිත පපුවට තුරුල් කරන් දුන්න ජින්ගේ ආදරේ සැක කරන්න කිසිම හේතුවක් නැහැ... කාටත් හොරෙන් ටේ වෙනුවෙන් දෙන ජින්ගේ ආදරේ හරිම පුදුමාකාරයි...

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now