17.

116 23 4
                                    

Ding Dong 🔔🔔🔔🔔🔔🔔🔔

ගෙදර දොරේ සීනුව නාද උන හැටියේ ජින්ගේ ඔම්මා ගිහින් දොර ඇරියා... ඒ ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙවෙයි නම්ජුන්ගේ පවුලේ අය... දොර ඇරලා තත්පරයක් ගියේ නෑ අපේ පුන්චි ටේ බබා දුවන් ගියේ එයාගේ මමාව හොයාගෙන...

💚  මමා.. කූ උයා... බෙයා ආවා...

සාලේ මැද ඉදන් ටේ බබා කෑ ගහනකොට ජින්ගේ ඔම්මා ඇවිත් ටේ බබාව වඩාගත්තා... මිසිස් කිම් එක්ක වගේම ජින්ගේ ඔම්මා එක්කත් ටේ බබා හරි එකතුයි... ජින්ගේ ඔම්මාව දැනගත්ත දවසේ ඉදන් ටේ බබාට හරි සතුටුයි.. මොකද එයාට දැන් ආච්චි අම්මාලා දෙන්නයිගේ...

💚  හල්මෝනී කූ මගේ මමා...

තොලත් පෙරලන් අඩන්න ඔන්න මෙන්න ඉදන් එයාගේ මමාව අහන ටේ බබාව දැක්කාම ටේ බබාගේ මේ හුරතලේට ජින්ගේ ඔම්මාගේ හදවත දියවෙලා ගියා... ජින් දැන් දවස් දෙකක ඉදන් ඉන්නේ එයාගේ ගෙදර.. කාලෙකින් යන්න බැරි උන නිසා එයා ආවා එයාගේ ඔම්මාවයි නන්ගිවයි බලන්න... ඒකෙන් පාඩු උනේ අප්පාටයි පුතාටයි තමා.. ජින් නැතුව දෙන්නාටම සාන්කාව වගේ...

👩🏻‍🦳  ඔයාගේ මමා ගියානේ ජිනී ඉමෝ එක්ක කඩේට... ඉක්මන්ට එයි හොදද..

💚  අපි නන්ද මමාව හොයන්..

👩🏻‍🦳  නෑ දැන් එයි මමා.. ඔහොම ඉන්නකෝ...

ටේ බබාට එහෙම කියලා ජින්ගේ ඔම්මා හැරුනේ නම්ජුනුත් මිසිස් කිමුත් ඉන්න පැත්තට... අද මේ ගමන පවුල් දෙකටම විශේශයි.. එයාලා මේ ඇවිත් ඉන්නේ නම්ජින් මැරේජ් එකට ඩේට් දා ගන්න... ජින්ගේ ඔම්මා මුලින් මේ සම්බන්දෙට එතරම් කැමැත්තක් දැක්කුවේ නැති උනත් ටිකෙන් ටික පවුල් දෙක අදුන ගත්තාට පස්සේ ජින්ගෙ ඔම්මාගේ ඒ අකමැත්ත ඉබේටම නැති වෙලා ගියා.. දැන් හැමෝම බලන් ඉන්නේ නම්ජින් කපල් එක මැරි කරනකල් තමා...

👩🏻‍🦳  එන්න හන්ශි වාඩි වෙන්න.. ලොකූ ගියා චූටි එක්ක කඩේට ටිකක් දැන් එයි...

👵 ආ ඒකට කමක් නෑ... ඉතින් කොහොමද ජන්හි...

අම්මාලා දෙන්නා වැලදගනිමින් ආගිය තොරතුරු කතා කරන්න ගත්තා... ඒත් ඉතින් මෙතන දෙන්නෙක්ටනම් ඉවසීමේ සීමාව බින්දුවයි.. එහාට ඇබරෙනවා මෙහාට ඇබෙරෙනවා.. දොර දිහා බලනවා ආයේ මිසිස් කිම් දිහා බලනවා.. එකම කෝලමක් මෙතන..

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now