20.

141 21 9
                                    

6 years later

🤎  කිම්.... නම්....ජූන්... මේ තමුන්ට කතා කරන අන්තිම පාර නැගිටිනවාද නැද්ද...

කිම් සොක්ජින් එහෙමත් නැත්නම් මිසිස් කිම් කුස්සියේ ඉදන්ම කෑ ගැහුවේ එයාගේ ආදරනීය හබීට... හැබැයි මේ වෙලාවේ නම් ඔය ආදරනීය කෑල්ල හැලිලා තමා තියෙන්නේ...

💙  නැගිට්ටා නැගිට්ටා..

නම්ජුන්ගෙන් උත්තරෙන් සෑහීමකට පත් නොවුනු ජින් වීදුරුවකට වතුරත් පුරවන් පඩිපෙල නගින්න ගත්තේ මිසිස් කිම් හිනා වෙවී බලන් ඉන්නකොට..

🤎  ලස්සනට නැගිටලා.. 

තාමත් ඇදේ දපනේ දාන් ඉන්න තමන්ගේ සැමියා දිහා කලකිරීමෙන් බලපු ජින් අතේ තිබ්බ වතුර කෝප්පෙන් දමලා ගැහුවේ කිසිම ගානක් නැතුව... උදේම ලැබුනු සීතල වතුර පාරට උඩ ගිහින් ඇහැරුන නම්ජුන් දැක්කේ තම ප්‍රිය බිරිද තමන් දිහාට දවා අලුකරන බැල්මක් දාන් ඉන්නවායි...

🤎  වෙලාව කීයද දන්නවාද මහත්තයා...

එතකොට තමා නම්ජුන් වෙලාව දැක්කේ..

💙  අප්පාට සිරි හතයි...

කියාගෙන නම්ජුන් බාත්රූම් එකට දිව්වාම ජින් ගියේ එයාගේ අනිත් වැඩේ කරන්න.. හිමිට ඒ කාමරේ දොර ඇරපු ජින් ගිහින් කාමරේ කර්ටන් ටික ඇරියේ මෙච්චර වෙලා ඇදේ ගුලි ගැහිලා හිටිය බෝලේ ටිකක් දගලනකොට.. ඒ හුරතලේට හිනාවුන ජින් ගිහින් ඇද එහා පැත්තෙන් වාඩි වෙලා ඩුවට් එක අහකට කලා...

🤎  බෙයා නැගිටින්න පැටියෝ ස්කූල් යන්න...

💚  ම්ම්හ් මමා...

නින්දෙන්ම ජින්ට තුරුල් උන ටේගේ ඔලුව අතගාන ගමන් ජින් ආයෙත් ටේට කතා කලා..

🤎  ඔන්න නැගිට්ටේ නැත්නම් ඔයාටත් අප්පාට වගේ උදෙන්ම නාන්න පුලුවන්...

එහෙම කියනකොටනම් ටේ වෙඩිල්ල වගේ නැගිට්ටා.. ටේ දන්නවා එයාගේ මමා කිව්වොත් කිව්වා කියලා...

🤎   ම්ම් ගුඩ් බෝයි ගිහින් වොශ් කරන් එන්න මං ඇදුම් ලෑස්ති කරන්නම්...

💚  මමා...

ජින් නැගිටලා යන්න ලෑස්ති උනත් නතර උනේ ටේ කතා කල නිසා...

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now