Part 1

519 43 3
                                    

" කුකී.. මං කියපුවා මතකයි නේද හ්ම්ම්??"

" ඔව් හියුන්.. මතකයි.. මම ගිහින් එන්නම්.."

එහෙම කියපු ජන්කුක් බෑග් එකත් කරේ එල්ලගෙනම උඩ පැන පැන ගෙදරින් එලියට ගියා..

අද උදෙන්ම ජන්ගුක්ට ලොකු උපදෙස් ටිකක් ලැබුනා එයාගෙ හියුන්ගෙන් මොකද අද එයාගේ කොලේජ් එකේ ෆස්ට් ඩේ එක නිසා.

ජන්ගුක් හියුන් කිව්වේ යුන්ගිට. ඒත් යුන්ගි කියන්නේ ඇත්තටම ජන්ගුක්ගේ හියුන් නෙමෙයි.

ජන්ගුක් කියන්නේ bunny hybrid කෙනෙක්. කවුරුත් දන්නෙ නෑ ජන්ගුක් කියන්නෙ hybrid කෙනෙක් කියලා.

යුන්ගි කියන්නෙ පශුවෛද්‍ය කෙනෙක්. එයා කලින් හිටියේ ඇමරිකාවෙ. කෙටි නිවාඩුවකට යුන්ගි කැලෑබද ප්‍රදේශයකට කෑම්පින් ගියේ කාර්‍යබහුල ජීවිතේ එයාට තිත්ත වෙලා තිබ්බ නිසා.

යුන්ගි කැලෑව ඇතුලේ තනියම ටෙන්ට් එකක් ගහගෙන ඉන්න අතරේ දෙවනි දවසේ රෑ යුන්ගිට එයාගේ ටෙන්ට් එක වටේට මොක්කු හරි දගලන සද්දයක් ඇහුනා.

යුන්ගි හිතුවා ඒ ඉන්නෙ වුර්කයෝ කියලා. ඒ නිසා ඔහු ටෙන්ට් එකෙන් එලියටවත් ආවෙ නෑ.

උදේ ආපහු ඇහුනු සද්දෙකට යුන්ගි ගැස්සිලා ඇහැරුනා. යුන්ගි හිතුවේ ඒ අවට තවමත් වෘකයෝ ඉන්නවා කියලා. ඒත් තව දුරටත් ඇහුම්කන් දීගෙන ඉද්දි යුන්ගිට ඇහුනේ පොඩි සතෙක් පස් හාරලා ඒවා ගොඩ දානකොට ඒ පස් කොල උඩට වැටෙන සද්දයක්.

තව ටිකක් ඇහුම්කන් දීගෙන ඉන්නකොට යුන්ගිට ඇහුනේ

" කුයිස්.. කුයිස්.. "

ගාන සද්දයක්. යුන්ගිට දෙපාරක් ඒ සද්දෙ අහන්න අවශ්‍ය උනේ නෑ ඒ සද්දෙ අයිති සතා කව්ද කියල අදුරගන්න.

දෙපාරක් නොහිතපු යුන්ගි ටෙන්ට් එකේ ශිප් එක ඇරලා එලියට ආවා.

එයා දැක්කේ ටෙන්ට් එක ලග එයා ඉදගන්න ගෙනත් දාපු පොඩි කොට කෑල්ල ලග හති ඇර ඇර බිම ගුලක් හාරන පොඩි හා පැටියෙක්.

ඒ හාපැටියගෙ ඇගේ හැමතැනම මඩ ගෑවිලා තිබ්බා. ඒ සතා මොන පාටද කියලාවත් යුන්ගිට පෙනුනේ නෑ. හැබැයි යුන්ගිට හිතුනා මේ හාපැටියා හොදටම බය වෙලා ඇත්තෙ කියලා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now