Part 14/2

198 22 0
                                    

Vampire professor
Tranceformation pt2
(Part 14/2)

......................................................

" ඔයා නැතුව මුලු යුනි එකම පාලුවට ගිහිල්ලා ඒන්ජල්.. "

ජන්කුක්ගේ අත මතින් ආදරණීය සිපුමක් තිබ්බ ටේහ්‍යුන් ජන්කුක්ගේ මූන දිහාම බලාගෙන කතා කරන්න ගත්තා.

" ඔයාට කියන්න ඒන්ජල් අපෙ අයියා අදත් ජින් හියුන්ගෙන් ගුටි කෑවනෙ..

ගිය සතියේ එයා ජින් හියුන්ගෙ ආසම නේල් පොලිශ් එක බින්දට ජින් හියුන් තරහා වෙලා හිටියනෙ.. අපේ ගොනා එයාව යාලු කරගන්න ගිහිල්ලා ජනේලෙකට හේත්තු වෙලා..

අන්න ජනේලේ කුඩු වෙලා ඔම්මගෙනුත් බැනුම් ඇහුවා.."

ටේහ්‍යුන් බඩත් අල්ලගෙන ඇස් දෙකෙන් කදුලු පනිනකන්ම නැම්ජූන්ට වෙච්ච වැඩේ ගැන ජන්කුක්ට කිව්වා.

ඒත් හිනා වෙලාව ඒ ඇස් වලට පිරුණු කදුලු සැනෙකින් ටේහ්‍යුන්ගේ කම්මුල් දිගේ ගලාගෙන ගියේ දුකට ඇස් වලට උනපු කදුලුත් කලින් කදුලු වලට එකතු උන නිසා.

" කවද්ද ඒන්ජල් ඔයා නැගිටින්නෙ? කවද්ද ඔයා ඇස් අරින්නෙ? මට ඔයා නැතුව ගොඩක් පාලුයි මයි බේබි.."

කම්මුල් දිගේ ගලපු කදුලු එක අතකින් පිහිදුව ටේහ්‍යුන් අනිත් අතින් ජන්කුක්ගේ අත තදින් අල්ලගෙන හිටියා.

ජන්කුක්ගේ ඇස් තදින් පියවිලා තිබ්බා. මේ වෙනකොට එයා සම්පූර්ණයෙන්ම වැම්පයර් කෙනෙක් විදිහට හැඩගැහිලා තිබ්බත් තවමත් එයාට ඇස් අරින්න කල්පනාවක් නෑ වගේ.

වැම්පයර්ලා කියන්නෙ කොහොමත් ලස්සන ජාතියක්. ඒ නිසා අලුතින් වැම්පයර් කෙනෙක් විදිහට හැඩගැහීගෙන ආව ජන්කුක් පවා කලින් හිටියට වඩා ලස්සන වෙන්න ගත්තා.

මේ වෙනකොට ජන්කුක් එයාගෙ හා පෙනුමෙන් ආපහු මනුස්සයෙක් විදිහට ශිෆ්ට් වෙලයි හිටියේ.

දිලිසෙන හම, තදම තද රෝස පාට තොල්, තොල් දෙපැත්තෙන් එලියට පැනලා තියෙන උල් වෙච්ච රදනක දත් දෙක පවා ටේහ්‍යුන්ව ජන්කුක් දිහාවට තව තවත් ආකර්ශනය කරගන්න සමත් උනා.

මේ වෙද්දි ජන්කුක් සිහිය නැති වෙලා මාස 5කටත් කිට්ටුයි. මේ මාස 5ක කාලය පුරාම ජන්කුක්ගේ ඇග අනිත් කෑම වර්ග හැම දේම ප්‍රතික්ශේප කලා. එයාගෙ ඇග ආහාර විදිහට බාරගත්තේ ලේ විතරයි.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now