Part 3

232 29 1
                                    

" මොකද්ද කුකී උනේ??"

ටේහ්‍යුන් ලග ඉදන් තම ලගට උඩ පැන පැන දුවන් එන ජන්කුක්ව දැකලා ලීසා ඇහුවා.

" මට මේ සෙනග ගොඩ අස්සේ ඔයාව මගෑරුනා ලීස් නූනා.. මම ඔයාව හොයාගෙන දුවගෙන එද්දි මාව කාගෙද ඇගේ හැප්පුනා. බලනකොට එයා අපේ ෆැකල්ටි එකේ ප්‍රොෆෙස කෙනෙක්."

ජන්කුක් එයාට වෙච්ච දේ ලීසාට කියන්න පටන් ගත්තා.

මේ ටික වෙලාව වෙද්දි ලීසා ජන්කුක් දෙන්නා හොදම යාලුවෝ බවට පත් වෙලා තිබ්බා. ජන්කුක් ලීසාට ලීස් නූනා කියන්නත් ( ලීස් ලීස් කියද්දි මට මතක් වෙන්නෙම ලීක්ස් ගහක්😂💔 ) ලීසා ජන්කුක්ට කුකී කියන්නත් පටන් ගත්තා.

" ඔහ්.. ඔයා පොඩීයිනේ.. ඒ නිසා ඔයාව නැති උනත් හොයාගන්න අමාරුයි.. මෙන්න මෙහෙට එනවා පණ්ඩිත කොල්ලා.."

ලීසා එහෙම කියලා ජන්කුක්ගේ අතක් අල්ලගත්තා. ලීසා විහිලුවට එයාට තරවටු කරන දිහා ජන්කුක් බලාගෙන හිටියේ හිනාවෙන ගමන්.

ඒත් මේක දිහා කේන්තියෙන් රතු උන ඇස් දෙකක් බලාගෙන ඉන්නවා කියලා මේ දෙන්නා දැනගෙන හිටියේ නෑ. ඔව් ඒ ටේහ්‍යුන්. එයා සුපුරුදු පරිදි ස්ටාෆ් රූම් එකට යන්න ගියත් ඒ වැඩේ හරිගියේ නෑ. මොකද එයාට දැනුනා අර පොඩි හා කොල්ලා එයාගෙ හිතත් එයා එක්කම අරගෙන ගිහින් වගේ.

ඉතින් සේරම වැඩ පැත්තක දාපු ටේහ්‍යුන් එයාට ටිකක් තදින් දැනෙන එයාගේ මේට්ගේ සුවද දිගේ ඉව අල්ලගෙන කොරිඩෝ දිගේ ඇවිදගෙන ගියා.

එයා යනකොට දැක්කේ ජන්කුක්ගේ අතින් අල්ලගෙන ඇවිදන් යන ලීසාව. එයාලාගේ මූනු වල තියෙන හිනාව දැක්කාම ටේහ්‍යුන්ට යකා ආවේශ වෙන්න මහ වෙලාවක් ගියේ නෑ.

ටේහ්‍යුන්ගේ ඇස් ආපහු රතුපාටට හැරුනා. ඔහුගේ ඇගේ නිදාගෙන හිටපු කොටියා ටිකෙන් ටික ඇහැරෙනවා ටේහ්‍යුන්ට දැනුනා.

මම ඔයාලට කලින් කිව්වද ටේහ්‍යුන්ගේ ඇගේ කොටියෙක් ඉන්න කතාවක්??🙄 නෑනෙ..

ඉන්න මම ඒ ගැන පැහැදිලි කරන්නම්.

වැම්පයර් රාජධානිය ගැන මිනිස්සු නොදන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් මිනිස්සු නොදන්න එක දෙයක් තමයි වැම්පයර්වරුන්ගේ වංශ.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now