Part 9

220 29 0
                                    


Taehyung pov:

මං වාහනේ එලවන අතරේම මගේ ඒන්ජල්ට මගේ ඔඩොක්කුව උඩම නින්ද ගිහින් තිබ්බේ සැල්දීරි කෑල්ලකුත් අත් දෙකේම ගුලි කරගෙන.

ඒ විදිහට දැක්කම මට එයාව කටේ දාගන්න හිතුනා. එක අතකින් එයාගෙ ඔලුව යාන්තමට අතගාපු මම ආපහු වාහනේ එලවන්න ගත්තා.

මම දන්නවා උනත් මගේ ඒන්ජල්ගේ ගෙදර තියෙන්නෙ කොහෙද කියලා, මම තීරණය කලා එයාව වැම්පයර් මාලිගාවට එක්කගෙන යන්න. මට සිහියක් නෑ එයාව මගේ පවුලේ අයට පෙන්නනකන්.

How adorable he is..

ඒන්ජල් දිහා බලන බලන පාරට මගේ හිත අහන්නෙ එච්චරයි. මට කොච්චර හදිස්සියක් තිබ්බත් ඉක්මනට මාලිගාවට යන්න ඒහා සමානව ආසාවක් තිබ්බා නිදාගෙන ඉන්න මේ පොඩි හා පැටියව මගේ උකුල උඩ මේ විදිහට තියාගෙන ඉන්න...

ඉතින් මම තීරණය කලා පැය එකහාමාරෙන් යන්න පුලුවන් ගමනට පැය දෙකක් වැය කරලා ටිකක් හිමින් යන්න.

පැයක් විතර ගෙවීගෙන ගියාට පස්සේ මට දැනුනා ඒන්ජල් ටිකක් විතර ගැස්සෙනවා. මම විනාඩියකට මගේ ඇස් පාරෙන් ඉවත් කර අරගෙන මගේ ඒන්ජල් දිහා බැලුවා.

ඒත් හා පැටියා ආපහු නින්දෙන්ම හොදට ගුලි වෙනවා දැකපු මම ලා හිනාවකින් මූන සරසගෙන ආපහු මගේ අවධානය පාරට දුන්නා. හැබැයි මම මගේ ඒන්ජල් ගැනත් අවධානෙන් හිටියේ.

තවත් ටික වෙලාවකින් මට දැනුනා මගේ උකුලේ ඉන්න ඒන්ජල්ගේ බර ටික ටික වැඩිවෙනවා වගේ. මට තේරුනා ඒකෙන් එයා එයාගෙ human form එකට shift වෙන්න යන්නෙ. ඒත් එයා තාම නිදි. ඒ කියන්නෙ එයා නින්දෙන්ම shift වෙන්න යන්නෙ.

මම ඉක්මනට වාහනේ පාරේ අයිනට කරලා නැවැත්තුවේ මගේ ඒන්ජල් ශිෆ්ට් වෙන එක මට බලන්න ඕනෙ නිසා.

ගුලිවෙලා හිටපු හා පැටියා ටික ටික සයිස් එකෙන් විශාල වෙමින් මනුස්සයෙක් විදිහට හැඩගැහෙන හැටි මම බලාගෙන හිටියේ හරිම ආසාවෙන්. එයා හරිම ලස්සනයි.. නිදාගෙන ඉද්දී පවා~~

ඒත් තවමත් එයාගේ දිග සිනිදු ලස්සන හා කන් දෙක ඔලුව උඩින් තිබ්බා. මට එයාව වර්ණනා කරන එක නවත්තගන්න බැරි උනා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now