Part 7

230 25 3
                                    

අහම්.. මට දෙයක් කියන්න අමතක වෙලා.. ජිමින් යුන්ගිව කුලපතිගේ ඔෆිස් එක ලගින් අරන් යන්න කලින් එයා යුන්ගිවාඅපහු කුලපති ලගට එක්කගෙන ගියා.

ඒ මොකේකටවත් නෙමෙයි ජන්කුක් යුනි එකෙන් අස් වෙන්නෙ නෑ කියන්න.

.................................

ඔය අතරේ ටේහ්‍යුන් ජන්කුක්ව ඇදගෙන ගියේ යුනි එකේ පාකින් ලොට් එකට. දිග අඩි තියමින් ඇවිදින ටේහ්‍යුන්ගේ වේගෙට යන්න කොට කකුල් තියෙන ජන්කුක්ට දුවන්න සිද්ද උනා. ඒත් ඇත්තටම උනේ ටේහ්‍යුන් ඇදගෙන යන වේගෙට ජන්කුක් ඔහේ ඇදිලා ගිය එක.

ටේහ්‍යුන් උදේ පාන්දර යුනි ආවේ ජන්කුක්ව බලන්න මිසක් එයාට උදේ ලෙක්චස් තිබ්බෙ නෑ. ටේහ්‍යුන් බැලුවෙ නෑ ජන්කුක්‍ට ඒ වෙලාවෙ ලෙක්චස් තියෙනවාද කියලාවත්.

පාකින් ලොට් එකේ නවත්තලා තියෙන තමාගෙ කලුපාට ෆෙරාරි එකේ පැසෙන්ජර් ශීට් එක පැත්තේ දොර ඇරපු ටේහ්‍යුන් ජන්කුක්ව ශීට් එකෙන් ඉන්දෙව්වා.

" බේබි.. මට් ඔයාගෙ ෆෝන් නම්බර් එක දෙන්න.."

ජන්කුක්ව ශීට් එකෙන් ඉන්දවලා ශීට් බෙල්ට් එකත් එයාම දාපු ටේහ්‍යුන් ඩ්‍රයිවින් ශීට් එකට නැගලා වාහනේ ස්ටාට් කරන ගමන් ජන්කුක්ගෙන් එහෙම ඇහුවා.

" ස්.. සර්.. ම්.. මට ෆෝන් එකක් නෑ.."

ටේහ්‍යුන්ගේ ලක්ශරි කාර් එක දිහා ලොකු දිලිසෙන ඇස් වලින් බලාගෙන හිටපු ජන්කුක් ටේහ්‍යුන් අහපු දේත් එක්කම එකපාර ගැස්සුනා. පශුවෛද්‍ය කෙනෙක් වෙච්ච යුන්ගිට මෙච්චර ලක්ශරි කාර් එකක් ගන්න තරම් වත්කමක් තිබ්බෙ නෑ.

" බේබි මේ කාර් එකට කැමතීයිද ම්ම්..?"

ජන්කුක් මෙච්චර වෙලා මුලු කාර් එක ඇතුලෙම ස්කෑන් කලා කියලා දැකපු ටේහ්‍යුන් එහෙම ඇහුවේ ජන්කුක්ගේ පැත්තට බැල්මක් හෙලමින්.

" ඔ.. ඔව්.. හියුන්ගෙ කාර් එකට වඩා මේක ගො.. ගොඩක් සැප පහසුයි.."

ජන්කුක් කිව්වේ ශීට් එකේ ගුලි වෙමින්.

ජන්කුක්ගේ උත්තරේත් එක්ක කටකොනකින් හිනා උන ටේහ්‍යුන් කාර් එක යුනි පාකින් ලොට් එකෙන් එලියට දැම්මා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now