Part 14/1

198 22 0
                                    

Vampire professor
Trancformation
(Part 14)

.......................................

ටේහ්‍යුන්ගේ ඇස් දැකලා ගැස්සුන හා පැටියාගෙ ඇස් දෙකේ ඉක්මනටම කදුලු පිරුනා. ටේහ්‍යුන්ගේ අත් වලට හොදටම දැනුනා හා පැටියා ගැහෙන විදිහ.

" හේයි හේයි.. අඩන්නද ඔය හදන්නෙ? මං ඔයාව බය කලේ නෑනෙ..?? "

ටේහ්‍යුන් ඉක්මනටම හා පැටියව පපුවට තුරුල් කරගත්තා.

ටේහ්‍යුන්ගේ පපුවට තුරුල් උන හැටියෙම හාපැටියා ටේහ්‍යුන්ගේ පපුවේ මූන අතුල්ලන්න ගත්තේ පොඩි පොඩි සද්ද දාන ගමන්. හරියට පූස් පැටව් පුරු පුරු ගානවා වගේ.

" අයිගෝ.. මගෙ චූටි හාපැටියා.."

හාපැටියගේ හුරතලේ දැකලා හිනා උන ටේහ්‍යුන් හා පැටියගේ ඔලුවේ නහය අතුල්ලන්න ගත්තා.

" කුයිස් කුයිස් කුයිස්.. "

හාපැටියා පොඩි සද්දයක් දැම්මා.

" නෑ නෑ මං ඔයා එක්ක තරහා නෑ. දැං අඩන්නැතුව ඉන්නකො."

හා පැටියව පපුවෙන් ඈත් කරපු ටේහ්‍යුන් හාපැටියගේ ලොකු බෝල ඇස් දෙකෙන් ගලාගෙන ගියපු කදුලු පිහිදුවා.

" කුයිස්.. කුයිස්.. කුයිස්.."

හාපැටියා බෝල ඇස් තවත් ලොකු කරලා අහින්සක විදිහට ආපහු ටේහ්‍යුන්ගේ මූන දිහා බලලා සද්දයක් දැම්මා.

" ඔයාට ලේ ඕනෙද? "

ටේහ්‍යුන් එක ඇහිබැමක් උස්සලා ඇහුවා.

" කුයිස් කුයිස්.. "

ආපහු හාපැටියා සද්දයක් දැම්මාම ටේහ්‍යුන් හුස්මක් පහල දාලා ඔලුව වනලා එයාවත් තනි අතින් උස්සගෙන ආපහු අලුතින් බ්ලඩ් පැකට් එකක් අරගෙන ඇදෙන් ඉදගත්තා.

" අපි මේක බොමු හරිද.."

හා පැටියව හුරතල් කර කර එහෙම කිව්ව ටේහ්‍යුන් බ්ලඩ් පැකට් එකේ මූඩිය ඇරලා බෙඩ් කබඩ් එක උඩ තිබ්බ වතුර වීදුරුව වහන පීරිසියට ලේ ටිකක් දැම්මා.

ආපහු බ්ලඩ් පැකට් එක වහලා ඇද උඩින් තිබ්බ ටේහ්‍යුන් හා පැටියව එක කලවායක ඉන්දවලා අනිත් කලවායෙ ලේ පීරිසිය තිබ්බා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now