Part 23/2

135 22 0
                                    

ජන්කුක්ට දකින්න පුලුවන් උනේ සම්පූර්ණ සන්නද්ධ වැම්පයර් සේනාවක්. ඔවුන් හිටියා ගම්මානය වට කරන්න පුලුවන් තරම් ප්‍රමානයක්.

ඔව්.. එයාලා ගම්මානය වට කරලා තිබ්බෙ ජන්කුක් නොදැක්කා උනාට.

" මේ මගුල අයින් කරපං.. මට මගේ ලමයවයි ගෑනිවයි ගෙනියන්න දීපිය.. "

ගම්මානයේ ආරක්ශන වලල්ලට අත් වලින් හයියෙන් ගහන ගමන් ටේහ්‍යුන් කෑගැහුවා.

ටේහ්‍යුන් හිටිය විදිහ දැකපු ජන්කුක් එක පාරම ගැස්සිලා ගිහින් එයාගේ දරුවව එයාගෙ පපුවට තවත් ගුලි කරගත්තේ දැනුනු අසීමාන්තික බයට.

ටේහ්‍යුන්ගේ ඇස් දෙකම තනිකරම කලුපාට ජිල් බෝල වගේ දිලිසුනා. ඒවා ඇතුලින් පෙනුනේ අන්ධකාරය විතරයි. වෙනදට ටේහ්‍යුන්ගේ මීපැණි පාටින් දිලිසෙන හම අද තනිකරම සුදුමැලි වෙලා ඒ යටින් තියෙන නහර පවා මතුවෙලා.

ඊයේ දවල් ඉදන් මහලු කාන්තාව මුලු ගම්මානයම ඉස්සරහා කිව්ව දේවල් නිසා ජන්කුක්ට තේරුනා ඒ කියපු ලග ලගම එන කුණාටුව තමයි මේ දැන් ඇවිත් තියෙන්නෙ කියලා.

ජන්කුක්ට තේරුනා තවදුරටත් මේ ඉන්නෙ ටේහ්‍යුන් නොවන වග. මේ ඉන්න අලුත් ටේහ්‍යුන්ගෙන් මුලු ගම්මානයටම අනතුරක් වෙන්න පුලුවන් කියලා ජන්කුක්ට ඉවෙන් වගේ තේරුනා.

" උතුමානනි.. කරුණාකර සන්සුන් වන්න. ඔය ඔබතුමා නෙමෙයි. කරුනා කර ඔබතුමාගේ ඇතුලාන්තයේ තිබෙන නපුර පලවා හරින්න.. එවිට ඔබට රැජිනවත් කුමරාවත් ගෙනයාහැකීයි.. "

ගම්මානයේ ඇතුලේ ඉදන් වැම්පයර් සේනාවත් එක්ක ඇවිත් එලියේ ඉදන් කලහා කරන ටේහ්‍යුන් දිහා බලාගෙන මහලු කාන්තාව ගොඩක් ආචාරශීලීව කිව්වා.

ඇය කිව්ව දේ ඇත්ත. කිසිම නපුරකට ඒ පලිහ අස්සෙන් එන්න බෑ. ඒ නිසයි ටේහ්‍යුන්ට එතනින් එන්න බැරි. නමුත් කලින් හිටිය ටේහ්‍යුන් නම් ඒක ඇතුලින් ඒ මොහොතෙම එයි..

ඒත් මහලු කාම්තාව කිව්ව දේවල් වලට ටේහ්‍යුන්ගේ කේන්තිය තවත් වැඩි උනා විතරයි. ඔහු සන්සුන් වෙන්න පොඩි උත්සාහයක්වත් අරගත්තෙ නෑ. සමහර විට ටේහ්‍යුන් සන්සුන් උනා නම් ඔහුට ඒ පලිහෙන් ඇතුලට එන්න තිබ්බා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now