Part 2

286 34 1
                                    

ඒ සිද්ධිය වෙලා දැනට අවුරුදු 4ක් ගත වෙලා තිබ්බා. දැන් ජන්ගුක්ට අවුරුදු 20ක්. හරිනම් ඔහුගේ වයසේ අනිත් ලමයි යුනි යන වයස. ජන්කුක් වැඩිය සෙනග ගැවසෙන තැන් වලට යන්න අකමැති උනත් යුන්ගි බලෙන්ම ඔහුව කොරියාවේ තියෙන හොදම යුනිවසිටි එහෙකට දැම්මා.

අද ජන්කුක් යුනි යන පලවෙනි දවස. ඒක නිසයි යුන්ගි ගෙන් මෙච්චර ජන්ගුක්ට උපදෙස්. යුන්ගි ජන්ගුක්ව යුනි එකකට දැම්මත් ඔහු කැමති උනේ නෑ එයාගේ පොඩි හාපැටියා කරදර වල පැටලෙනවට.

..........................................

යුන්ගිට අවශ්‍ය උනත් ජන්කුක්ව පලවෙනි දවසේ යුනි එකට ගිහින් දාන්න, ඒත් ඔහු පශුවෛද්‍ය කෙනෙක් නිසා උදෙන්ම වැඩට යන්න වෙලා තිබ්බා.

ජන්කුක් යුන්ගිගේ තත්වය තේරුම් ගත්තා. ඒක නිසා ජන්කුක් තනියම එයාගේ යුනි එකට පිටත් උනා.

දැන් ඔයාලාට තියෙන ප්‍රශ්නේ එයාගේ හා කන් ගැනද?? නෑ නෑ ඒ ගැන බයවෙන්න දෙයක් නෑ. ජන්කුක් bunny hybrid ගේ ඉදන් human form එකට shift වෙනකොට ජන්කුක් සම්පූර්ණයෙන්ම මනුස්සයෙක් වගේ හැඩගැහෙනවා.

හැබැයි එයා ගොඩක් බයවෙලා, කලබල වෙලා වගේ ඉන්න වෙලාවකදී bunny ට shift වෙලා ආපහු human form එකට ආවොත් නම් එයාගෙ දිග ලස්සන හා කන් දෙකයි චූටි බූල් පිරිච්ච බෝල නැට්ටයි ඒ විදිහටම human form එකෙත් තියෙනවා. ඒවා නැති වෙන්නෙ එයාගේ බය නැති වෙලා එයා සන්සුන් උනාම.

ඉතින් කලින් දවසක යුන්ගි පෙන්නපු විදිහටම ජන්කුක් අමාරුවක් නැතිවම එයාගේ යුනි එකට යන පාර හොයාගත්තා. එයාට යාලුවෝ නම් හිටියේ නෑ. ඒත් ජන්කුක් කියන්නෙ හරිම ප්‍රසන්න ලමයෙක් නිසා එයාට ඉක්මනින් යාලුවෝ එකතුවේවි.

කොහොම උනත් ජන්කුක් සෙනග ගැවසෙන තැන් වලට යන්න තවමත් පොඩි බයක් පෙන්නනවා.

යුනි එකේ විශාල ගේට්ටුව ලගට ආපු ජන්කුක්ගේ පොඩි බොත්තම් නහයට ගොඩක් මිනිස්සුන්ගේ සුවදවල් සංවේදනය උනා. එයා කලබල උනා. ඒත් එයාට යුන්ගිගේ වචන මතක් උනා. ඒ නිසා හොද හුස්මක් ඉහලට අරගෙන ඒක හිමින් සැරේ පහල දාපු ජන්කුක් වෙනසක් නොපෙන්වා යුනි එකේ ගේට් එකෙන් ඇතුලට ආවා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now