Part 20

129 20 0
                                    

Vampire professor
Part 20

..................................

වෙරෝනිකා එයාගෙ පුලුවන් උපරිම ශක්තිය යොදවලා කැළෑව හරහා උපරිම වේගෙන් දිව්වේ එයාලගේ රැජිනියවයි අනාගත උරුමක්කරු වයි ආරක්ශිත ස්ථානයකට අරගෙන යන්න.

ඒත් නොහිතපු විදිහකට වෙඩි උන්ඩ වගේ වේගෙන් අහසින් පියාඹගෙන ආව ගිජුලිහිනියන් පස් හය දෙනෙක්ම වෙරෝනිකාගේ මාර්ගය අහුරවමින් ඉස්සරහින් බිමට වැහුවා.

කලබලෙන් බ්‍රේක් ගැහුව වෙරෝනිකා වෙන පැත්තකට යන්න හැරුනත් ඒ පැත්තෙනුත් තව ගිජුලිහිනියෝ ටිකක් වැහුවම වෙරෝනිකා අනිත් පැත්තට දුවන්න හැදුවා. ඒත් ඒ පැත්තත් අවහිර උනාම වෙරෝනිකා එයාලා ආව පැත්තට ක්ශණිකයකින් හැරිලා වේගෙන් දිව්වා. එයා දිශාවන් වෙනස් කර කර දුවන්න පටන් ගත්තා.

ඒත් දිගටම ගිජුලිහිනියෝ එයාලාගෙ පස්සෙන් පන්නගෙන ආවා. ජන්කුක් හිටියේ හොදටම බය වෙලා. ජන්කුක්ගේ කොන්දෙන් ටික ටික වේදනාවක් දැනෙන්න අරගෙන තිබුනත් ඔහු වෙරෝනිකාගෙ බූල් තදින් අල්ලගෙන දත් මිටි කාගෙන ඒ වේදනාව දරාගත්තා.

ජන්කුක්ව පිටේ තියාගෙන වේගෙන් කැළෑව හරහා යන්නේ කොහෙද කියලා තේරුමක් නොතිබ්බා උනත් වෙරෝනිකා වේගෙන් දිව්වා. ටිකෙන් ටික අහස කලු කරගෙන අකුණු ගහන්න පටන් ගත්තේ මහා වැස්සට පෙර නිමිති වගේ.

මහ වෙලාවක් යන්නත් කලින්ම අහසේ ඉදන් මහ පොළවට ලොකු වතුර බිංදු ලොකු වේගෙකින් වැටෙන්න ගත්තේ ඇගට වැටුනත් රිදෙන ගානට!

වැම්පයර් රජ පව්ලට විරුද්ධව කැරළිකරුවන් යුද්ධ කරන එක අහසටත් දරාගන්න බෑ වගේ!

වැස්ස නිසා ගිජුලිහිනියන්ගේ වේගේ ටිකක් අඩාල උනත් වැස්සටම ඇලිලා තිබ්බ සුදු බූල් බැළළි ඒ කිසිම දෙයක් නොතකා තවමත් දුවමින් හිටියා.

ජන්කුක් දැනුන ලොකු සීතලයි කොන්දෙන් ටික ටික වැඩි වෙන වේදනාවයි එක්ක වෙරෝනිකාට තවත් ගුලි උනා.

පැය කාලක් විතර වෙරෝනිකා ජන්කුක්වත් අරන් දුවන්න ඇති. ඒත් එකපාරටම බලාපොරොත්තු නොවුන විදිහට පැත්තෙන් ආව ගිජුලිහිනියෝ දෙන්නෙක් වේගෙන් ලොකු බැළළිගේ ඇගේ හැප්පුනාම දුවපු වේගෙත් එක්ක වෙරෝනිකා වගේම ජන්කුක් දෙන්නම විසික් වෙලා ගිහින් බිම වැටුනා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now