🍂 08 කොටස

170 28 2
                                    

🌼 මල්සර



Author Pov...

අද අප්‍රෙල් මාසයෙ පලමුදා. ඒ දවස කියද්දිත් අපි ඕනෙම කෙනෙක් ට මතක් වෙන්නෙ මෝඩයගෙ දවස නෙ. ජෝක් එකක් ප්‍රැන්ක් එකක් කරලා කාවහරි අන්දන එක අපේ අයට දවසකට සීමා නොවුන දෙයක් වුනත් පලවෙනිදා කිව්වහම ඒක ටිකක් වැඩිපුරත් එක්ක කරනව නේ කට්ටිය. හා නැද්ද.... ඒ වුනත් අද කවුරුත් නොහිතන තාලේ ප්‍රැන්ක් එකක් තමයි උදේ පාන්දරින්ම ලංකාවෙ මිනිස්සුන්ට අහන්න හම්බුනෙ නම්. මොකද ඒක කාටවත් හිතාගන්න බැරි තරමේ බිහිසුණු ප්‍රැන්ක් එකක්.

උදෑසන ම පාසල වෙත යමින් සිටි දැරියන් දෙදෙනෙක්ගෙ අතුරුදහන් වීමක් පෙරේදා දවල් නිවුස් වලින් ඇහෙද්දි ගොඩ දෙනෙක් නොවුනත් ඒ ගැන සෙවිල්ලෙන් හිටපු පිරිසකට මේ වගේ ආරංචියක් අද හෙටම අහන්න වේවියි කියලා දැනිලා තිබ්බෙ.

කොයිතරම් හෝඩුවාවන් පස්සෙන් ගිහින් සෙව්වත් දූවිල්ලක තරම් දෙයක් වත් තවමත් සොයා ගන්න බැරිවුන පෝලිසිය වෙතට අපහාස, උපහාස, බැනවැදීම් එල්ල වෙමින් පවතින සමයක මේ නිවුස් එක ඔවුන්ට නම් හෙනයක් වැදුනා හා සමාන වුනා.

කලුතර ප්‍රදේශයේ ප්‍රසිද්ද පාසලක් අයිනක දමා ගිහින් තිබුන පොලිතින් වලින් එතූ මල සිරුරක් සහ කලු පැහැති කුනු උරයක්.

ඉස්කෝලෙ රැ මුරට හිටපු වොච්මන් උදේම ගෙදර යන්න ඉස්කොලෙන් එලියට එද්දි තමයි මේ මළසිරුර දැකලා තියෙන්නෙ. ළමයි ආවට පස්සෙ ලොකු කලබලයක් ඇති වෙන්න කලින් වොච්මන් ස්කොලෙ ප්‍රින්සිපල් මාර්ගෙන් පොලිසිය දැනුවත් කරලා තිබ්බා. එත් ඉතින් මේ ලංකාව නේ. ළමයි එකා දෙන්නා වගේම ළමයි අරන් එන දෙමව්පියො උදේම පාසලට එද්දි මේ දෙවල් දැකලා හුඟක් බයවෙලා. පොලිසිය එතනට එන්නත් කලින්ම රටම ඒ ගැන ⁣දැනගෙන ඉවරයි.

පොලිතින් වලින් එතුවත් ඒවයින් ගලන ලේ වගෙම සිරි ගඳ නොවෙන්න කවුරුවත් දැන ගන්නෙ නැති වෙන්න තිබ්බා මේ මල සිරුරක් ද කියලත්.

ටික වෙලාවක් ඇතුලත ආව පොලිස් කන්ඩායම් ඉක්මනින්ම රැස්වෙලා හිටිපු මිනිස්සු අයින් කරලා එතන විමර්ශන කටයුතු පටන් ගන්න ඉඩකඩ හැඳුවා. ඒ වගේම පාසලේ ලමුන්ටත් දින කිහිපයක් යනකන් නිවාඩු දෙන්න කියලා දැනුවත් කරා.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now