🍂 18 කොටස

177 30 8
                                    

🌼 මල්සර





" ගුඩ්මොර්නිං "

උදේම නැගිට්ට සිතුක ඉස්කොලේ යන්න ලැස්ති වෙලා පහලට ආවේ කෑම මේසෙ උඩ ලැප් එකත් දිගඇරන් මොකද්දො වැඩක ඉන්න රනුඝ දිහාත් බලාගෙනයි.

" ගුඩ්මොර්නිං... "

රනුඝ ලැප් එකෙන් ඔලුව නොගනෙම එහෙම කිව්වත් සිතුක මෙසෙන් වාඩි නොවි රනුඝ ලගටම ආවා.

සිතුකට රනුඝ දකින දකින වෙලාවට රනුඝගෙ ඔලුව දිහාවමයි බැලවෙන්නෙ. හෙ හෙ.. පොච්චි පතබෑවිලා දැනට සතියකුත් ගිහින්. දැන් නම් කිසි ආපදා ලක්ෂණයක් නැ. ඒත් කොල්ලට තාම ඒ ගැන මතක් වෙද්දි අවුල්. අනික එච්චර දෙයක් වෙලත් රනුඝ වචනයක් වත් කිව්වෙ නැ එයාට. ඒක කරේ සිතුක කියලා කවුරුත් දන්නැ.. එත් එවෙලෙ උඩ තට්ටුවෙ හිටිය එකම ජිවියා හැටියට අමු අමුවෙ මාට්ටුවෙන්නෙ සිතුක නිසා රනුඝ අනිත් දෙන්නටත් සද්දයක් දාලා කටවල් වස්සපු එකෙන් ඒ ගැන වැඩිදුර හෙවිල්ලත් ක්ලොස් වුනා.

අවසාන නිගමනය... මල් පොච්චි සම්ප්‍රාප්ත වුනේ අහසින්.. එච්චරයි.

" මේ... "

සිතුක ලගට ඇවිත් කියලා රනුඝ දැක්කෙ දැනුයි. ඒතරමට එයා හිටියෙ වැඩේ සිහියෙන්. රනුඝ සිතුක දිහා බලන් ඇස් වලින් ඇයි කියලා ඇහුවත්,

" ..... "

නෝ කතා..

" ඇයි සිතුක... ??"

" ම්ම්ම්... ඉස්කොලෙ යාලුවෙක් මට මේ... අද ගමනක් යන්න කතා කරා... "

සිතුක ගොත ගගහ කියන්න හදන දේ දිහා රනුඝ අවදානෙම් බලන් හිටියා. ඔව් ඔව් සිතුකට දැන් යාලුවො දෙතුන් දෙනෙක්ම සෙට් වෙලා තියෙන්නෙ ස්කොලෙන්. මේ ඉස්කොලේ ගොඩක් දුරට ඉන්නෙ සල්ලිකාරයින්ගෙ ළමයි. හරියට බැලුවොත් දැන් සිතුකත් එ වගෙ තමා.. සල්ලිකාර අයියෙක් නොවැ ඉන්නෙ දැන් එයාව බලාගන්න. ඉතිං ඒ අය අතරෙන් සිතුක එයාගෙ වයිබ් එකට ගැලපෙන යාලුවො ටිකක් තෝරගෙන ආශ්‍රය කරනවා.

" ඔයාට යන්න ඕන නම් යන්න දරුවො... but මට දැනගන්න පුලුවන් ද කොහෙද එ කියලා.. "

පොඩි හිනාවක් දාලා රනුඝ එහෙම කිව්වහම එයාට කතා කරන්න එද්දි සිතුකගෙ හිතෙ තිබ්බ චකිතෙ ගොඩක් දුරට අඩුවුනා. ක්ලාස් යන්න පවා ඩ්‍රයිවර් කෙනෙක් දාලා තියෙන එකෙ රනුඝ ගත් කටටම එපා කියාවි කියලා සිතුක හිතුවෙ. අනික තාත්තල සීයලා රනුඝට මොන වගෙ දේවල් කියල ගිනිතියලද කියලත් සිතුකට තිබ්බෙ බයක් නොවන බයක්. හැබැයි සිතුක එකක් දන්නවා.. ගමෙ වගෙ මෙහෙ එයාට රනුඝ නීති දාන්නැ. දැන් වුනත් ඒ දේ එයාට ආයෙ වතාවක් ඔප්පු වුනා.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now