🍂 19 කොටස

168 32 8
                                    


🌼 මල්සර





සිතුකගෙ නිවාඩුවෙ පලවෙනි උදෑසන.. පරක්කු වෙනකන් නිදාගන්නවා කියලා හිතුවට මොකද කලින් දවසෙ පත්තු වුන ගිනිජාලාවෙ පසු ප්‍රතිපල වලට අද මූන දෙන්න වෙන බව මතක් වෙද්දි සිතුකට නින්ද ගියෙත් නැ හරියට. පාන්දර නැතත් උදේ හයහමාර විතර වෙද්දි නැගිටපු සිතුක මූනත් හෝදන් පහලට ආවා.

කොල්ලා පහලට එද්දිම දැක්කෙ සෝෆා එකට වෙලා ෆෝන් එකත් එක්ක ලොකු වැඩක ඉන්න රනුඝව. වෙනදට නම් මේ වෙද්දි රනුඝ ලැස්ති වෙලා ඉන්නවා වුනත් අද ඉන්නෙ නම් ගෙදරට අදින සාමාන්‍ය ඇදුමකින්.

' මෙයා අද ගෙදරද.. ?'
සිතුක හිතට ආව ප්‍රශ්නෙ,

" අද ඔෆිස් යන්නැද්ද..? "

විදියට වචන කරත් රනුඝ හිනාවෙලා ඔලුව දෙපැත්තට වැනුවම සිතුක ඇස්දෙකත් හීනි කරන් රනුඝට ඉස්සරහින් තියෙන සෝෆා එකෙන් ඉදගත්තා.

" ඇයි ඒ..? "

" අද තියෙනවනෙ ලොකු වැඩක් කරන්න "

රනුඝ අඩුනොවුන හිනාවෙන්ම එහෙම කියලා ආයෙත් ෆෝන් එ⁣ක දිහා බලාගත්තා. සිතුකට දැන් ඔන්න කුතුහලේ..

' ඒ මොකද්ද.. මොකද්ද අහන්නද..? එක්කො ඕන්නැ.. එයාගෙ මොකක් හරි වැඩක් වෙන්න ඇති. මට මොකටද ඕවා '
සිතුක රනුඝ දිහා බලාගෙන හිතුවා.

සිතුක සද්දයක් නැති තැන රනුඝ ආයෙත් ඔලුව උස්සලා බැලුවා. රනුඝට හිනා දැන්.. සිතුක බර කල්පනාවෙ.

' අහස පොලව ගැටගහන්න කල්පනාව.. ඇයි අහන්න කට නැ.. මුගෙත් පොඩි පහේ ලොකුකමක් නෙවෙයි තියෙන්නෙ '

රනුඝ ඔලුවත් දෙපැත්තට වනලා ආයෙත් එයා කර කර හිටිය වැඩේට අවදානෙ දුන්නා.

කොච්චර බෑ කිව්වත් අද බාප්පා එනවම තමයි. පාන්දර ගමෙන් කෝල් ආවත් රනුඝ ආන්සර් නොකර හිටියෙ තවත් කතා කරල තේරුමක් නැති නිසයි. හැබැයි එක දෙයක්... බාප්පා නෙවෙයි කවුරු ආවත් සිතුකව ගෙනියන්න දෙන්නැ රනුඝ. අද එයා ගෙදර නැවතුනෙත් ඒක නිසාමයි.

රනුඝ කො⁣හොම වැට මායිම් දාගෙන හිටියත් සිතුක දැන් ඒ වැටකඩුලු සේරටම උඩින් රනුඝගෙ හිත අස්සට රිංගලා ඉවරයි. ඒ බැදිමට, හැඟිමට නමක් නැතත් රනුඝට සිතුක කියන්නෙ ගොඩක් විශේෂ කෙනෙක්. වෙන කෙනෙක් අද සිතුකගෙ තැන හිටියා නම් රනුඝගෙ ප්‍රතිචාර මීට වඩා ගොඩක් දුරට වෙනස් වෙන්නත් තිබ්බා. නැ.. එහෙම වෙනස් වෙයි. මොකද තමන්ගෙ ජීවිතෙට අදාල නැති දේකට රනුඝ කොයිම වෙලාවකවත් අත දාන්න යන්නැ.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now