🍂 17 කොටස

173 32 2
                                    

🌼 මල්සර


    එදා සිද්දිය වෙලා මාසෙකුත් ගතවුනා. මේ මාසේ ඇතුලත විශේෂ යමක් නොවුනත් රනුඝගෙ හිත ඇතුලෙ නම් ලොකු පෙරලියක් වෙලා තිබ්බෙ.

සිතුකව දකිද්දි ඒ දැනෙන හැඟිම මොකද්ද කියලා එයාට වටහා ගන්න බැරි වුනත් රනුඝ ඒ හැඟිමට ටික ටික ඇබ්බැහි වෙන්න පටන් අරන් දැන්.. ඉදලා හිටල වත් නිවාඩුවක් ගන්නැති මනුස්සයා දැන් ඉරිදා දවසම ගෙදර. වැඩ කල් දාලා පවා සිතුක ගැන හැමදේම හොයලා බලල කරන තැනට රනුඝ ගෙ සැබැම වෙනසක් වෙලා තිබ්බා.

හැබැයි ඉතිං අපෙ සිතුක.. ඒ උන්දව වෙනස් කරන්න සක්කරයටවත් බැ. මාසයක් ගියත් අර තිබ්බ ලොකුකම දශමයක් වත් අඩු වුනෙ නැ. මේ වෙද්දි සිතුක ඉස්කොලෙ පවා සීතල, කාවවත් ගනන් නොගන්න චරිතයක් හැටියට ප්‍රසිද්ද වෙලයි තිබ්බෙ.

එත් එක දෙයක්... රනුඝගෙන් ලැබෙන සැලකිල්ල නිසාම සිතුක ආව මුල්කාලෙට වඩා දැන් රනුඝට යම්තාක් දුරට කිට්ටු වීමක් තිබ්බා. ඒක නැයෙක් හැටියටවත්, යාලුවෙක් හැටියටවත් වුන කිට්ටු වීමක් නෙවෙයි. එහෙමයි කියලා ආගන්තුක බැදිමකුත් නෙවෙයි ඒක. සිතුක ඉන්නෙ තමන්ටම දාගත්ත ලිමිට් එකක.. කෙනෙක්ට ඒක පනින්න පුලුවන් එයාගෙම අවසරෙ ඇතුව තමයි.

රනුඝට ඒ අවසරේ ලැබෙවිද.. අපි බලමුකො නේ. අවසරෙ ලැබෙවිද.. බලෙන් ගනිද කියලත් දන්නැනෙ අපි.. හික්ස්..

    මල්පිට මල් වැහි වහින අනාගතයක් ගැන හිතන්න කලින් වර්තමානෙ ගැන හිතල ඉන්න එපැය. මේ වර්තමානෙ නම් වැටුනෙ මල් වැසි නෙවෙ.. මල් සමග මල් පොච්චි වැසි. ඒ අස්සෙ තරු, මන්දාකිනි පෘතිවියෙ ඉදන්ම ලයිව් බලන්න චාන්ස් එක හම්බුන කෙනෙකුත් හිටියා... වෙන කවුද ඉතිං.. අපෙ රනුඝ තමා ඒ වාසනාවන්තයා.

මල් පොච්චි, තරු මන්දාකිනි.. හැැ...

  හෝව් හෝව්... වට්ද පක් කියලා බලන්න එපා.. මේකනෙ වුනෙ.........

අහල තියෙනවද කතාවක් තියෙනවා... කැලේ මාරු වුනාට කොටියගෙ පුල්ලි මාරුවෙන්නැ කියලා. ආන් ඒ වගේ රනුඝ මුලදි සිතුක ගැන හිතන් හිටපු ' සයිලන්ට් ලමයෙක් ' කියන ලේබල් එක දියවෙලා යන්න පටන් ගත්තෙ  සිතුකගේ ඇම්බැට්ට ගති ටික ටික එලිබහින්න පටන් ගත්තාමයි.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now