🍂 13 කොටස

176 33 12
                                    


🌼 මල්සර




ඒ රූපේ... ලංකා⁣වෙ විතරක් නෙවෙයි ලෝකෙ පුරාම කරක්ගහල තියෙන රනුඝට ලස්සන, ඇස් පිස්සු වට්ටන ගැහැනුන් පිරිමින් ඕන තරම් හමුවෙලා ඇති. ඒවට අවදානයක් නොදුන්නත් වචනේ පරිසමාප්තියෙන්ම කඩවසම් පිරිමි රුවක් හිමි රනුඝගෙ අවදානෙ ගන්න හදපු පිරිසත් ඒ අතර හිටියා. ඒත් රනුඝගෙ හිත හොල්ලන්න තරමේ රූපයක් ඒ ඇස් වලට කවදාවත් හම්බවෙලා තිබ්බෙ නැ. හරියටම කිව්වොත් රනුඝ ඒ ගැන වැඩි උමනාවක් දක්වලා නැ.

ආච්චි කෙනෙක් ව වාරුකරන් බස් එකෙන් ඒ බැස්සෙ අවුරුදු දාහඅටක දහනවයක පෙනුම තියෙන කොලු ගැටයෙක්. කොල්ලා ආච්චිව පාර අයිනටම එක්කන් ගිහින් එයාගෙ අතේ තිබ්බ බැග් එකත් එතන බිමින් තියලා මොන මොනවදෝ කිව්වා ඒ මනුස්සයට. සෙනග ගොඩ මැද්දෙ වුනත් හරි පරිස්සමට රනුඝගෙ ඇස් තමන්ගෙ හිත හොරාගත්ත රූව ගාවම නතර වෙලා තිබ්බා.

බස් එකෙන් බෑග් ගත්ත බාප්පා වගෙම සීයත් රනුඝ ගාවට එනකන්ම පොරගෙ සිහි⁣ය තිබ්බෙ ඒ දිහාවට.

" අහ් පුතා... මං මේ කොල් එකක් දෙන්න කියලා බලද්දි තමා පොඩි පුතා රනුඝ ඇවිල්ලා ඉන්නවා කියලා පෙන්නුවෙ.. "

සීයගෙ කටහඩින් රනුඝගෙ ඒ දැහැන බිදිලා ගියා.

" ම්ම්ම්... මං ආවෙ දැන් ටිකකට කලින් "

එහෙම කියපු රනුඝ සීයා වගෙම බාප්පා දිහා මාරුවෙන් මාරුවට බැලුවෙ එයාලා අතරෙ ඉන්න ඕන අනික් ජිවියා කෝ කියලා අහන බැල්මකිනුයි.

" කෝ පොඩි පුතා සිතුක... "

" පුතා බහිනවා දැක්කා මං තාත්තෙ... අහ්.. අර ඉන්නෙ පාරෙන් එහා පැත්තෙ..... සිතුක... එන්න මෙහෙට.... මේ ලමයට මේ ලෝකෙ සිහියක් නැ... මෙහෙ නතර කරල ගියාට පස්සෙ මොන විජ්ජුම්බරයක් කරාවිද දන්නැ "

බාප්පා නොරුස්සන ගතියෙන් ඒ නම කියලා කෑගැහුවෙ රනුඝ මෙච්චර වෙලා බලාගෙන හිටපු අර කොලු ගැටයා දිහාවටයි.

" අහ්... "

'සිතුක ද ඒ...'
රනුඝට පුදුමයි... එයා පොඩි කාලේ දැක්කට පස්සෙ අඩුම ෆොටෝ එකකින්වත් සිතුකව දැක්කෙ නැ නේද කියලා රනුඝට මතක් වුනේ දැනුයි.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now