🍂 14 කොටස

216 30 8
                                    


🌼 මල්සර





පිස්සන් කොටුවක් වෙලා තිබ්බ කාමරේ අස්කිරිල්ල නම් සිතුකට පැයක් යද්දි එපා වෙලා ගියා. ඔඩර් කරපු කෑම එක ආවත් කන්න බඩගින්නකුත් නැ. අන්තිමට සිතුක රෙදි නවන එක පැත්තක තියලා ඇද උඩට වැටිලා ඔහෙ කල්පනා ලෝකෙක ගිලිලයි හිටියෙ.

ස්කොලෙ, යාලුවො, ෆුට්බොල් මේ හැමදේම අතැරලා දාලා කොළඹ එන්න වුන ගමන සිතුකට නපුරු හීනයක් වගෙයි දැනුනෙ. ගමෙන් එහාට ලෝකයක් සිතුක දැකලා තිබ්බෙ නැ. අවුරුදු ගානක ස්කෝල ජිවිතේ ට්‍රිප් එකක්වත් යන්න ගෙදරින් අවසරයක් ලැබිලා නැ. අවසරේකට කියලා හම්බුන එකම දෙයත් ෆුට්බෝල් විතරයි. ඒකත් ස්කොලේ ලමයිට මොනාම හරි ක්‍රිඩාවක් කරන්න ඕනෙ කියන එක අනිවාර්යම දෙයක් වුන නිසා.

" දැන් ඒකත් ඉවරයි.. "

කොච්චර හිත හයිය මිනිහෙක් වගේ ඉන්න හැදුවත් සිතුක කියන්නෙ තාම අවුරුදු දාහතක පුංචි කොල්ලෙක්. ළමයෙක් හැටියට ගෙවුන ලස්සන සුන්දර මතක එයා ළඟ තිබ්බෙ නැ. තිබ්බ හැමදේම ස්කොලෙ ඇතුලට ස්කොලේ යාලුවො අතරට සීමා වෙලා තිබ්බෙ. පුංචි දවස් වල අම්මා තාත්තා කියන දේ වත් නාහ දුවල පැනලා හිටිය කොල්ලා එයාලගෙ නිති රිති බලපැම් මැද්දෙ ලොකුවෙද්දි වෙනස්ම චරිතයක් වුනා.

කොලුකමට කරන වැරද්දකට ගුටියක් කන එක, බැනුමක් අහන එක, අවවාදයක් අහන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒත් සිතුකගෙ පැත්තෙන් නම් ඒක සෑහෙන දුරට වෙනස් දෙයක් වුනා. සිතුකගෙ කට වැඩ නැතුවට කරපු කියපු පොඩි පොඩි නසරානිකම් වලට ගෙදරින් හම්බුනෙ රජකාලේ දඩුවම් තමයි.

ස්කොලෙදි කරන වැරදි ගොඩක් දුරට ගුරුවරයෙක් දැන්වුවොත් මිසක් දෙමව්පියෙක්ගෙ කනකට යන්නෙ ගොඩක්ම අඩුවෙන්නෙ. එත් සිතුක හිටියෙ ගමක. ගමේම තිබ්බ ස්කොලෙ වෙන පුංචි දේකුත් ඇති, ඒක ස්කොලේ ඇරිලා ගෙදර එන ටිකට අම්මලත් දැනගෙන ඉවරයි. ඒ තරම් හොද රොයිටර් සේවයක් තමා ගම්වල තියෙන්නෙ. ඉතිං ඒවට කවදාවත් ගුටි කෑමකින් මෙහා නතර වීමක් තිබිලා නැ. වේවැලක්, පෝරකොටුවක් හරි නැති තැන බෙල්ට් පාරකින් හරි සිතුකගෙ ඇග පතුරු නොගිය දවසක් නැතුව ඇති.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now