🍂 21 කොටස

173 32 16
                                    

🌼 මල්සර





අපිට දෙයක් ලැබෙන්න තියෙනවා නම් සක්කරයටවත් ඒක නවත්තන්න බෑ කියනවනෙ. මොන බාදක ආවත් ඒ දේ අපිට උරුම නම් ඒක ලැබෙනවාම තමා.

ඉතිං ඒ වගේ අන්තිමට සිතුකගෙ හීනේටත් තටු ලැබුනා. තටු කපලා හිටපු ඒ පුංචි කුරුල්ලට තටු දීලා කූඩුවෙන් නිදහස් කරෙ රනුඝ. අකමැත්තෙන් ආව ගමනක් වුනත් සිතුකට ජිවතේ හිතුවෙ වත් නැති අවස්ථා ගොඩක් හම්බ වුනා මේ ග⁣මනෙන්.

රනුඝ එදා කතා කරාට පස්සෙ සිතුක දවසක්ම කල්පනා කෙරුවා. ⁣තව කෙනෙක්ගෙ ආසාවල් වෙනුවෙන් තමන්ගෙ හීන කැප නොකර ඉන්න සිතුක අවසානේ තීරනය කරා. සිතුකට මුල ඉඳලම ඩොක්ටර් කෙනෙක් වෙන්න පුංචිම හරි ආසාවක් තිබුනෙ නැ. අම්මලා තාත්තලා මේවා දැනගත්තම මොන වගේ හැසිරෙවිද කියලා දන්නැ.. එ වුනත් තවත් ඒ ගැන හිත හිත වදවෙන්න සිතුකට උමනාවක් නැ.

මෙ ටර්ම් ටෙස්ට් එක ඉවර වුන දවසට පස්සෙ දවස.

ස්කුල් එකේ ෆුට්බෝල් කෝච්ට රනුඝ කලින් දවසේ සිතුක ගැන කොල් කරල කිව්වා. සිතුකගෙ වෙලාව හොදකම කියන්නෙ ඒ වෙද්දි ස්කූල් ටීම් එකෙ එක මෙම්බර් කෙනෙක් වෙන ස්කුල් එකකට හදිසිටයේම ට්‍රාන්සර් වෙලා ගිහින් තිබ්බ නිසා කෙලින්ම සිතුකට ටීම් එකටම ජොයින් වෙන්න පුලුවන් වුනා.

ඉස්කොලෙ ඉවර වෙලා රනුඝ කියලා තිබ්බ විදියට සිතුක කෙලින්ම ග්‍රවුන්ඩ් එකට ආවා. ඒ වෙද්දිත් ෆුට්බෝල් කෝච් පැවිලියන් එකට වෙලා ටීම් එකෙ ළමයි එකතු වෙනකන් බලන් ඉන්නවා.. ප්‍රැක්ටිස් සාමාන්‍යයෙන් පටන් ගනිද්දි දෙක දෙකයි කාල වගේ වෙනවා.

සිතුක පොඩි චකිතෙකින් කොච් ගාවට යද්දි ඈත තියාම සිතුක එනවා දැක්ක කෝච් සිතුක දිහා විනිවිද යන බැල්මකින් බලන් හිටියා. කොල්ලා ලගටම ආවම කොච් සිතුකට කෙටි හිනාවක් දාලා කතා කරන්න ගත්තෙ,

" මේ සිතුක වෙන්න ඕන.. "

" ඔව් සර්.. "

" හ්ම්ම්... සිතුක ගැන මට රනුඝ කිව්වා.. මේ රනුඝගෙ මල්ලි කෙනෙක් ද..? "

" රනුඝ අයියා මගෙ ලොකු තාත්තගෙ පුතා.. "

" ම්ම්ම්.... මට ඔය ලමයගෙ නම කිව්වට දැන් දැක්කම තමයි හරියටම මතක් වුනෙ.. සිතුක නේද ගිය පාර ඕල් අයිලන්ඩ් බෙස්ට් ප්ලේයර් වුනෙ.. "

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now