🍂 22 කොටස

197 30 9
                                    

🌼 මල්සර



📱📱 - ට්ර්ර්ර් -

පාන්දර දෙක පහුවුනා විතර ඇති....
නොනවත්වාම රනුඝගෙ ෆොන් එක රින් වෙන්න ගත්තයින් සැප නින්දක හිටපු රනුඝ ගැස්සිලා වගේ ඇහැරුනා. රනුඝ නිදාගනිද්දිත් එකට කිට්ටුයි... හෙට තියෙන බිස්නස් මීටින් එකට ඕන කරන ෆයිල්ස් වගයක් රෙඩි කරන්න වුනයින් නිදාගනිද්දි රැ වුනා. දවසම වැඩ වලට එහෙ මෙහෙ ගිහින් තිබ්බ මහන්සියටත් එක්ක හොද නින්දකට වැටිලා හිටියෙ පොර.

නිදිමතෙන්ම ඇඳට එහා පැත්තෙ තියෙන කබඩ් එක උඩ තිබ්බ ෆෝන් එක අරන් රනුඝ කවුද කියලා බැලුවා... කෝල අයිඩි එකෙ ' Rayan ' කියලා වැටිලා තියෙද්දි රනුඝ දෙපාරක් නොහිතම ආන්සර් කරෙ මේකා මොනාට දැන් කතා කරනවද කියලා හිතාගන්න බැරුවයි.

" අඩො රනුවා.. මාර කේස් එකනෙ බං... "

රනුඝ ෆොන් එක ආන්සර් කරලා හෙලො කියන්නත් කලින් රයන් කලබලෙන් වගේ කියවන් යන්න ගත්තා.

" ඉමාගෙ ගෙදරට මොකාද මංද වෙඩි තියලා... "

" මොකක්.. "

ඒ කතාව ඇහුනත් හරි රනුඝගෙ නින්දත් ලෙෆ්ට් වුනා. වෙන වෙලාවක නම් රයන් මේ කරන්නෙ විහිලුවක් කියලා හිතලා රනුඝ බැනලා. ඒත් රයන්ගෙ කලබලකාරි කටහඬින් ඒක එහෙම නෙවෙයි කියලා කතා කරපු පලවෙනි තප්පරෙම රනුඝ අදුරගත්තා.

" ඔව් යකො.... ඌ දැන් කොල් කරෙ.. මම එහෙට යන ගමන් දැන් "

රනුඝත් ඇදෙන් නැගිටින ගමන් ඇහුවෙ,

" උට කරදරයක් නැ නේද... "

" නැ නැ... ⁣එහෙම කේස් එකක් නැ.. පංචාලි බය වෙලාලු.. හිත ගැස්සුන පාර කෙල්ල අමාරුවෙන් ලු ඉන්නෙ... දිනත් ලඟනෙ බං... උට කරගන්න දෙයක් නැතුව මට කෝල් කරල තියෙන්නෙ... "

" හරි උඹ යමං.... මාත් එන්න පිටත් වෙනවා දැන්.. "

" හරි බං.. "

රනුඝ කෝල් එක කට් කරල අතට අහුවුන ඇදුමක් ඇදන් වාහනෙ කී එකයි, ෆොන් එකයි අරන් පහලට ආවා. රනුඝ ලයිට් එකක්වත් නොදා දොර ඇරන් ඇවිත් එලියෙන් ලොක් කරල දැම්මා. සිතුක ඇතුලෙනෙ.. ගරාජ් එකෙන් කාර් එක එලියට ගත්ත රනුඝ උපරිම වේගෙන් ඉමල්කගෙ ගෙදරට යන්න ගියෙ එකපාරට මේ වුනෙ මොකද්ද කියලා හිතන ගමනුයි.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now