🍂 15 කොටස

177 30 10
                                    


🌼 මල්සර


" තව මොනවහරි ගන්න තියෙනවද ? "

කිව්වත් වගේ හවස ඔෆිස් එකේ ඉදන් ආව රනුඝ සිතුකවත් එක්කන් හෝමගම ටවුන් එකට ආවේ එයාට අඩුපාඩු තියෙනවා නම් අරන් දෙන්න කියලයි.

" නැහැ... මෙච්චරයි "

ස්⁣කූල් යුනිෆොම් විකුනන කඩේකින් එලියට එනගමන් රනුඝ සිතුකව නවත්තන් ඇහුවෙ කොල්ලා යුනිෆොම් නැ කියන්න ඇරෙන්න වෙන කිසි දෙයක් කිව්වෙ නැති නිසයි.

" පොත්, සපත්තු එහෙම තියෙනවද.. අහ් මේස් එතකොට "

රනුඝ වාහනේට යන ගමන්ම ආයෙ මතක් කර කර එහෙම ඇහුවත්,

" ඒවා තියෙනවා.. මම ගමෙන් එද්දි අම්මා ඔක්කොම පටවලා එවලා කොහොමත්.. ගෙදරන් පැන්නුවා වගේ "

නහයෙන් පිඹ පිඹ මුල ටික කියාගෙන ගියත් අග ටිකට එද්දි සිතුකගෙ හඬ බාල වුනා.

" හ්ම්ම්.. යමු එහෙනම් "

සිතුකගෙ තියෙන ලොකුකම හැටියට ඔහොම දෙයක්වත් කිව්වා මදියැ කියලා හිතුව රනුඝ සිතුකවත් ඇදන් පාර පැනලා පාරෙන් එහා පැත්තෙ නතර කරලා තිබ්බ කාර් එකට නැග්ගා.

රැ හයහමාර හත කියන්නෙ සාමාන්‍යයෙන් පාරේ වාහන අඩුවක් නැතුව එහා මෙහා වෙන වෙලාවක්. ට්‍රැෆික් ගැන ඉතින් කවර කතාද. වාහනේ ස්ටාට් කරල පාරට දැම්මට මොකද වෙනදට විනාඩි විස්සෙ ගමනට විනාඩි හතලිහකට එහා ⁣ගියා එයාල ගෙදර එද්දි.

හෝමගම ටවුන් එක පහුවෙද්දිම තියෙන Restaurant එකෙන් දෙන්නට කෑමත් අරන් තමයි එන්න ආවෙ. රනුඝට දැන් ගෙදර ගිය අනිත් අතට ඔන්ලයින් මීටින් එකක්. පැය ගනන් ඇදෙන මීටින් එක්ක උය උය ඉන්න වෙලා කොහෙද ඉතිං.

ගෙදර ආවත් එක්කම රනුඝ ඔෆිස් රූම් එකට යන්න යද්දි සිතුකත් කෑම ටික කැම මෙසෙන් තියලා යුනිෆොම් ටිකත් අරන් උඩ තට්ටුවට ආවා. ගමෙයි මෙහෙයි යුනිෆොම් වල බැජ් වෙනස්. ඇදුම් මහ මහ ඉන්න තරම් කාලයක් නැති නිසා රනුඝ එකපාරම යුනිෆොම් හතරක් අරන් දුන්නා සිතුකට.

සිතුක කියන්නෙ දැන් එයාගෙ වගකීමක්. මීටින් එක පවා පොස්පොන් කරන් ගෙදර දුවන් ආවෙත් ඒකයි රනුඝ. ඇත්තටම කිව්වොත් රනුඝට මෙවා වෙනස්ම අත්දැකිම්. කෙනෙක් වෙනුවෙන් මෙහෙම දේවල් කරන එක, වැඩත් පැත්තක දාලා එන්න තරම් ඒ කෙනාට තමන් විශේෂ කමක් දෙන්න හදන එක රනුඝටම හිතාගන්න බැරි ප්‍රෙහෙලිකාවක්.




 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now