🍂 12 කොටස

158 29 10
                                    

🌼 මල්සර



Author Pov...


ජීවිතේ කියන්නෙ හරිම අවිනිශ්චිත දෙයක්. මනුස්සයෙක් ගෙ ජීවිතෙ ගෙවෙන එක තප්පරේකුත් ඇති ඒ කෙනාව කනපිට හරවන තරමේ දෙයක් වෙන්න. ඒක හොඳ විදිහෙ හැරවුමක්ද නැද්ද යන්න තීරනේ කරන්නෙ දෛවය තමයි. අයියගෙ අකල් මරණයත් එක්ක රනුඝගෙ ජීවිතෙ තනිකරම කනපිට හැරවීමත් අන්න ඒ වගේ. ඒක කාටවත් හිතාගන්න බැරි මට්ටමෙ හැරවුමක් කීවොත් රනුඝ ලගම හිටපු රනුඝ ගැන අකුරක් නෑර දන්න අයටනම් ඒක ගොඩක් ලොකු පුදුමයක් වුනා.

අම්මා තාත්තගෙ මරණෙ වෙලාවේ අන්තෙටම කඩන් වැටුන අවුරුදු දාහතරෙ රනුඝ නෙවෙයි ඒ වෙද්දි හිටියෙ. පරිණත නැතත් දරාගැනීමෙ මට්ටම හිතාගන්න බැරි ලෙස වෙනස් වුන අවුරුදු විසි දෙකක රනුඝ කෙනෙක්.

මනුරගෙ මරණෙ ආරංචි වුනත් එක්කම ගෙදරින් භාගයක්ම කුඩුකරලා පීඩනෙ පිට කරපු රනුඝ එතනින් එහාට කෑගැහුවෙ වත් එක කඳුලක් හෙලුවෙවත් නෑ. වැඩිහිටියෙක් භාරකාරයෙක් කියලා කවුරුත්ම නැති ගෙදර රනුඝට තමයි මරණෙ වැඩ ගැන හැමදේම හොයලා බලල කරන්න වුනෙ. හරියට එදා අම්මා තාත්තගෙ මරණ වෙලාවෙ මනුර කළා වගේ. එත් අද තත්වෙ ඊට හාත්පසින්ම වෙනස්... එදා පැත්තකට වෙලා හූල්ලමින් හිටපු රනුඝ වෙනුවට අද හැමදේම දරාගෙන වගකීමක් සහිතව වැඩ කරපු රනුඝ කෙනෙකුයි දකින්න පුලුවන් වුනෙ.

අන්තිම වතාවට මූනවත් බලාගන්න බැරිවෙන විදියට සීල් කරපු මිනිපෙට්ටියකින් තමන්ගෙ අයියව දකිද්දිවත් රනුඝගේ රතුවෙලා තිබ්බ ඇස් වලින් කදුලක් වැටුනෙ නැ. රනුඝ දුක හිර කරන් ඉන්න විදිය එයාගේ මූන දකින පමාවෙන් ඕන කෙනෙක්ට කියන්න පුලුවන් වුනා. එත් ඒ හිත... ඒක බිදිලා සුනුවිසුනු වෙලා ගිහින් ඉවරයි. එ ඇස් වලට අඬන්නත් කඳුලු නැතිවෙලා ඉවරයි. කැගහ එයාගේ දුක හැමෝටම කියාගන්න ඕන වුනත් රනුඝ කරෙ නිහඬ වුන එක.

රනුඝව එ කොයිම වෙලාවකවත් රයන් ඉමල්ක දෙන්නා තනිකරෙ නෑ. මරණෙ ආරංචියත් එක්ක සීයා ඇතුලු අනිත් හැම ⁣නෑදැයෙක්ම ඒගෙදර පිරෙද්දි ඒ හැමෝම ගැනත් හොයලා බලපු රනුඝ කිසිම අඩුවක් වෙන්න ඉඩ නොතියා අයියගෙ මරණෙ වැඩ අවසන් කරා.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now