🍂 23 කොටස

174 31 13
                                    

🌼 මල්සර




රනුඝ දෙපාරක් නොහිතා ඒ කටහඬ ආව පැත්තට වෙඩි තිබ්බත් ඌ ඒකෙන් බෙරුනා. ඊලගට වුනෙ රනුඝ කීයටවත් බලාපොරොත්තු වුන්නැති දේකුයි....

එකපාරටම පිටිපස්සෙන් ආව පිරිමි දෙන්නෙක් රනුඝගෙ අත් දෙකම පිටිපස්සට අඹරලා අල්ලගත්තෙ එයාට හිතාගන්න බැරි වේගෙකිනුයි. ඒ දැඩි ග්‍රහනේ නිසා රනුඝගෙ අතින් පිස්ටල් එකත් බිම වැටුනා. ඒත් රනුඝ ඒ අත්වලින් ගැලවෙන්න දගලන්නෙවත් නැතිව නිහඬව බලන් හිටියෙ තමන් ලඟට ඇවිදන් එන බාලා දිහයි. රනුඝගෙ මූනෙ ඇදිල තියෙන සමච්චල් හිනාව දකිද්දි ඌ ඉහවහ ගිය කේන්තියෙන් ගිගිරුවා.

" පොලිස් #කයගෙ ⁣පො#න බලු කුක්කා උඹ.... උඹ තමයි මගෙ හැම වැඩක්ම විනාස කරන්නෙ... "

එහෙම කියාගෙන අතේ රැදුන පිහියකුත් එක්ක රනුඝ ඉස්සරහට පැන්න බාලා ඒකෙන් රනුඝගෙ පපුවට අනින්නයි උත්සහ කරෙ.. ඒත් රනුඝ ගැන සුලුවෙන් තැකුව බාලට වැඩ වැරදුනෙ උගෙ තුවාල වුන කකුලටම රනුඝගෙන් වැදුන පා පහරක් නිසයි.

" ආාහ්... පර බල්ලා... උඹ.. "

බාලා උගුරෙන් වගේ විලාප තිබ්බා.

ඒත් එක්කම රනුඝට වඩා ටිකක් ඉස්සරහට ඇවිදන් ගිහින් තිබුන රයන් ආපස්සට දුවන් ආවේ,

" හැංගිලා ගේම් අදින පො#නයා තෝ තමයි යකො.. "

රයන්ගෙ කැ ගැසීමත් එක්ක රනුඝව අල්ලන් හිටපු දෙන්නගෙ අවදානෙ ඒ දිහාවට යද්දි ඒකෙන් ප්‍රයොජන ගත්ත රනුඝ උන්දෙන්නට හිතාගන්නවත් වෙලාවක් නොතියා එයාගෙ අත් වැරෙන් ඇදල අරන් ඒ දෙන්නව තල්ලු කරල දැම්මා.

ඒත් ඒ එක්කම වගේ ආයෙත් පිහිය දිග් කරන් පැනපු බාලා රනුඝගෙ උරහිසට පිහියෙන් ඇන්නා.

" යාාාහ්.. රනුවා... "

රයන් කෑගැහුවත් ඌ ඒ පිහිය එසැනින්ම ඇදලා අරන් ආයෙත් රනුඝට අනින්නයි ගියෙ. ඒත් ඒ පහර වලක්වගෙන රනුඝ බාලගෙ බඩට පයින් ගැහුව එකෙන් පිහිය ඇනෙනවා වෙනුවෙට රනුඝගෙ අත කැපිලා ගිය එකයි වුනෙ. වැලමිටට උඩ හරියෙන් සිරස් අතට හෑරීගෙන වගේ කැපිලා ගිහින් අත.

මේ හැමදේම වෙන්න ගියේ එක නිමෙශයක කාලයක් විතරයි.

වේදනාව ගැන නොතකා රනුඝ ආයෙත් බාලව අල්ලගන්න හැදුවත් ඌ අදුරු හෙවනැලි අතරින්ම නොපෙනී ගියෙ,

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now