පස්වන දිගහැරුම

55 5 2
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

මායි,හේෂානයයි,තිමිරයයි තව උගෙ යාළුවෙකුයි ඊයෙම කතා වුනේ මාළිගාව වැදල එන්න යන්න...ඊයෙ කතා කරගත්ත විදියට බෑග් එකම ලෑස්ති කොරගත්ත එකේ මායි හේෂානයයි කෝච්චියට නැන්ගේ අනිත් එවුන් දෙන්න මගින් නගින්නම් කියපු නිසා.තිමිරයගෙ යාළුව ඌ මොකක්ද නම කිව්වේ........................නම මතක නැති කොට අපි කලින් ඉදලම දැනගෙන ඉන්න නිසා ඌවත් අපෙ ගමනට එක්කහු කොරගත්තා.දන්නවනෙ අපි ඉතින් ආයෙ වැඩක් කොරගත්තොත්...

ඇත්තම කිව්වොත් මේ මන් ආසාවෙන් යන ගමනක්.මොකද මන් කොල්ලෙක් උනත් ගෙදර එවුන් මාරම විදියට මන් ගැන හොයන්නේ.මටනම් ඒක හෙන වදයක් උනාට අම්මනම් කියනවා ඒ උබෙ ආරක්ශාවටලු.ඒ කොහොම උනත් ඕනවට වඩා ඕනම දෙයක් ඕනම නෑ කියන මතෙත් එක්ක මම හේෂානය එක්ක කෝච්චියට නැග්ගා.උදේ 8.00 හේශානය එනව කිව්ව නිසා වගේම 8.45ට කෝච්චිය යන නිසා මන් ඌ එනකන් ස්ටේශන් එකේ හිටියේ කොච්චර වුනත් මයෙ එකානෙ කියන බලාපොරොත්තුවෙන්.කොහොමහරි 8.15 විතර එනකොට මේක එනව හති දාගෙන.හරියට නිකම් මූව දාල ගියා වගේ.මට හිනා යන්න ආවත් ඌ ඉස්සරහ හයියෙන් හිනාවෙන්න බැරි නිසා කට වහගෙන ඌ එන දිහා බලාගෙන හිටියා.

"මොකක්ද ආදි.ආශ්.මේ බෑග් එක ගන්නකෝ.මේක ඇයි අප්පාහ් මෙච්චර බර.මන් ඊයෙ ඔක්කොම දැම්මනෙ"

"මොකද හේෂාන් වුනේ.මොකාටද උදේම බය වුනේ...ම්ම්හ්"

"අනේ යනව අප්පාහ්.මේ කෝ අනිත් අය"

"ඇයි අමතකද මගින් නගිනව කිව්ව කියල"

"ආහ්.ඒ ටිකට අමතක වුනා.මේ ඔය බෑග් එක අරිනවකෝ.මන් මොනවහරි දාල ඇවිල්ලා වගේ.නිකම් අඩුවක් දැනෙනවා"

"ආයෙ යන්න බෑ.පිස්සුද.තව ටිකකින් කෝච්චිය යනවා"

හේෂානයගෙ බෑග් එක ඇරපු මම බැලුවෙ මේක මොනවද පුරවගෙන ඇවිල්ල තියෙන්නේ කියලා.යකෝ.බෝතල් දෙකක්,බත් පාර්සලයක්,තව චූටි බෝතලයකුත් තියෙනවා.පර්ස් එකක්.මොකක් ඉස්කෝලෙට අරන් යන කේස් එක මොකටද මේ මගුල අස්සෙ දාගෙන ඉන්නේ.ලට්ට ලොට්ට මහ ගොඩාක් බෑග් එකේ පුරවගෙන බරට බරේ උස්සගෙන ආපු විදියට හිතාගත හැකි පගයගෙ වැඩ.මෙච්චර බරක් මේ මිනිහ උස්සන් ආවෙ ඇයි කියල මනෝපාරක හිටපු මට දැනුනේ මගෙ ඔලුවට මොකකින් හරි ගැහුව වගේ

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now