දහසයවන දිගහැරුම

29 3 1
                                    

________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

________________________________________

එදා ඉදලා මන් හේෂාන් ගැන හොයන එක අඩු කරා...මට අයිති නැති දෙයක් ගැන මම විතරක් මැරීගෙන හොයන්න තරම්...ඉතිම් මන් තීරණය කරා ඒ දෙන්නට එකට ඉන්න දෙන්න.මන් දන්නවා මට බලන් ඉන්න පුළුවන් දෙයක් නෙමේ කියලා.ඒත් ඒ දෙන්නගෙ මැද්දට ගිහින් ඒක කඩල පව්කාරයෙක් වෙනවට වඩා මම තීරණය කරා පැත්තකට වෙලා නිහඩව බලාගෙන ඉන්න.කොච්චර අමාරු උනත් මන් ඉටා ගත්තා අදින් පස්සේ හේෂාන් ගැන හොයන එක අඩු කරන්න.මන් ආසයි ඉස්සර වගේ එයා එක්ක කතා කරන්න,අයිස් ක්‍රීම් කන්න,එකට අත් අල්ලන් යන්න...ඒත් ඒව වැඩක් නැති ඒව.ආපහු පාර පාර රිද්දගන්නවට වඩා මන් පැත්තකට වෙලා ඉන්න එක මට.. ඒක ලොකු හයියක්...ඉතින්...දෙවෙනි පාර දාපු Commerce පේපරේ ලියන්න තියෙන දවස අද වෙනකොට මම උදේ බෑග් එකත් අස් කරලා ID එකත් දාගෙන ලෑස්ති උනේ බස් එකට එන්න.ඉස්සර යාළුවෝ කියලා ජාතියක් මට හිටියට දැන් එහෙම කිසිම කෙනෙක් නෑ.අතරින් පතර තිමිරය විතරක් ඇරෙන්න එකෙක්වත් මන් ගැන හොයල බලන්නෙ නෑ...කමක්නෑ.මට දුකක් නෑ.මේව වෙන්න තියෙන දේවල් වෙන්නැති.එයාලා සතුටින්නම් මට මොකද.මන් එනව දැකපු බස් එකට අත දිග් කරලා නැග්ගා...

විනාඩි පහළොවකින් පස්සේ මගෙ ඉස්කෝළෙට ආව මම ගේට් එකෙන් ඇතුළට ඇවිල්ලා ටෙරසස් වල ගිහින් ඉදගත්තේ තව පැය බාගයක් එක්සෑම් එක ලියන්න ඉතුරු වෙලා තියෙන නිසා.ගෙදර ඉද්දි ගනන් ටික හදල බලාගත්ත නිසා ලොකුවට ආපහු බලාගන්න ඕනත් නැති එකේ මම බෑග් එක තියලා නැගිට්ටේ වොශ් රූම්ස් පැත්තෙ හරි යන්න කියල වුනත් මම දැක්කේ තිමිරයයි,හේෂානුයි දෙන්න මගෙ පැත්තට එනවා...මන් හේෂාන් දිහා බැලුවත් ඌ ගානක් නැතුව යනවා...මාව දැක්ක ගමන් තිමිරය අත දිග් කරේ උබත් ඇවිත් නේද කියල අහන්න වගේ...

තිමිරයි,හේෂානුයි මොනවදෝ කියව කියව බෑග් එකත් ගලවලා මට එහා පැත්තේ ටිකක් ඈතින් වෙන්න තියලා තිමිරයගෙ යාළුවෝ ඉන්න පැත්තට ගියා...

හේෂාන්ට මාව පෙන්නෑ නේද...ම්ම්හ්...කමක් නෑ.උබ සතුටින්නේ.මට ඒ ඇති බන්.ඒකි එක්ක ඉදපන්.මන් එහෙම හිතලා බෑග් එකෙන් කොමස් පොත ගත්තේ තවත් මට උන් දිහා බලන් ඉන්න බැරි නිසා.

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now