දහවන දිගහැරුම

32 3 2
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

උදේම මන් නැගිටලා පෝන් එකෙන් වෙලාව බැලුවේ අද අරකගෙ හෙලිකුට්ටන් ඩේ එක නිසා.උගෙ උපන් දිනයට මට යන්න වෙන්නැති එකටනම් ඇත්තටම මට දුක හිතුනා.ඌ බලාපොරොත්තුවෙන් හිටියා මන් අද උගෙ ගෙදර එයි කියලා.ඒ උනාට මට යන්න විදියක් නෑ අද මාමලා අපෙ ගෙදර.මන් සාමාන්‍යෙන් පව්ලෙ එවුන් කවුරුහරි ගෙදර ඉන්නකොට යාළුවන්ගේ ගෙවල් වල යන්නෑ.ඒකට හේතුව ඉතින් දන්නවනෙ පව්ලෙ එවුන් කොයි වගේද කියලා.පොඩ්ඩ ඇතත් මොනව හරි ඇදයක් හොයන්න බලන්නේ.ඉතින් එහෙම වෙනකොට මට අද තිමිරයගෙ උපන් දිනයට යන්න බැරි උනා.හේෂාන් එනවයි කියල කියපු නිසා මටත් යන්න ආසාවක් ආවා.ඒ උනාට මට යන්න විදියක් තිබුනෙ නැති කොට මන් මාමලා අපෙ ගෙදර එන්න ඔන්න මෙන්න තියද්දී මැසේජ් එකක් දැම්මා...

Mine Heshan besta hesh Manika❤️

ඔව් ඔව් හේෂාන් තමා.එයා ඉතින් මගේනේ.මන් එයාට කොච්චර ආදරේ කරනවද කිව්වොත් ගොඩක් ඇප්ස් වල අපි දෙන්නගෙම අකවුන්ට් එකම නම් වලින් තිබ්බේ...Kimjunso අපි ඉතින් කොරියාවට වැදල කරල ඉන්න සෙට් එකක්නේ.ඉතින් ඒ නිසාම මායි හේෂානුයි නමක් හැදුවා...නමක් හැදුවමත් නෙමේ.Kim මන් කැමති විදියට මන් ඉතින් V හියුන්ග්ටනෙ කැමති හේශානුත් V හියුන්ග්ට කැමතියි...Junso කියන්නෙ එයා හැදුව නම.අර මොකක්ද එකක් තියෙන්නේ.උපන් දවසයි,මාසයයි,අවුරුද්දයි තුන එකතු කරාම කොරියන් නමක් ලැබෙන...අන්න එහෙම තමා හැදුවේ.එතකොට මට කිම් ආවා.එයාට ඔහොම ආව...කොහොමහරි තිමිරයත් ජිමින් හියුන්ගෙ නම උඩින්ම දාලා තිබ්බේ...

කොහොමහරි මගෙ පෝන් එකට නොටිෆිකේශන් එකක් ආව නිසා ලොක් එක ඇරල චැට් එකට ගියා...හේෂාන්ගෙන් මැසේජ් එකක්...

"මන් මගින් එන ගමන්...අද ඔයා එන්නෑනෙ...පුළුවන්නම් වරෙන්කො...මටත් පාළුයි වගේ නැත්තම්..."

මූ නම් කියයි.මම එපැයි පස්සෙ බේරෙන්න.මන් එහෙම කියල එයාටත් මැසේජ් එකක් යවලා පෝන් එක සාක්කුවට ඔබාගත්තා.අළු පාට ශෝට.මන් ගාව තියෙන ලස්සනම මන් ආසම එක...ඒකත් ඇදගෙන ඉස්සරහ සාලෙ කකුල් දෙකක් උඩට කරගෙන ඉන්න අතරේ එකපාරටම ආවෙ මාමලා ගේ දොරකඩට.

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now