හයවන දිගහැරුම

48 4 3
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

මගෙ යාළුව............. දූල්වල ගෙදර හේෂාන් තිවoක ඇත්තටම මට ඌ ගැන ආදරයක් ඇති වුනේ මන් 11 වසරේ ඉද්දි.දැන් උගෙයි මගෙයි ලව් එකට අවුරුදු දෙකක් වෙනවා.පේනවනේ ඉතිම් කොල්ල මාත් එක්කමයි.එහෙව් එකේ වෙන පකයො මොනව කිව්වත් අපි දෙන්නට මොකද

ඇත්තම කිව්වොත් මගෙ හේශාන්.ඔව්.මගෙ තමා.ඌ ඇවිල්ල පිස්සු ඩයල් එකක් කියල මන් කලින්ම කියල තියෙනවනේ.මන් පොඩි කාලෙ ඉදලම එක එක පන්ති මට්ටමින් එක එක අයත් එක්ක හිටියට වැඩිය යාළුවෝ කියල කෙනෙක්ව ආශ්‍රය කරලා නෑ.හේෂානයව සෙට් උනාට පස්සේ මට මට වෙන කවුරුත්ම ඌ තරම් ෆිට් උන්නෑ.ඇත්තම කිව්වොත් ඌ මගෙ සහෝදරයෙක් වගේ.මගෙ ගෙදර ඉන්න සහෝදරයටයි සහෝදරියටයි අමතරව හේෂානුත් මගේම සහෝදරයෙක් වුනා

ඌ ඔහොම පට්ට අමු ගොනා වගේ හිටියට මට වඩා ඕකට මොලේ තියෙනව කියල මයෙ අම්ම කියල තියෙනවා.ඒකනම් ඇත්තද බොරුද කියල දන්නෑ.හැබැයි මේ ළගදිත් පිනාගෙ ඔෆිස් රූම් එකේ ඉද්දි පිනා කිව්වා ඕකම.පොළොව පලාගෙන යන්න හිතුවත් යාළුවා හින්ද ඉවසනව කියන තැන හිටිය මම හැමදාම ඔය වගේ එව්ව හින්දා ඕක එක්ක ඉන්න තැන මට ඇහුනා

කොහොමහරි මන් ඌට ලව් කරන්න පටන් ගත්තේ................ඔව් මට මතක විදියට...ඒක හරි අමුතුම සoසිද්දියක්.මට මතකයි මන් 10 වසරේ පොඩි කාලෙ ඕකා මාත් එක්ක වැඩිය ඇයි හොදයියක් නෑ.දැක්කත් නොදැක්ක ගානට ගිය ඌ මාත් එක්ක කතා කරෙත් දහය වසරේ අවසානම මාස ටික ඇතුළත.ඒත් වැඩි හරියක් අපි කතා කරේ නෑ.මට කතා කරන්න ඕන වුනත් ඌත් කතාවට ආවෙ නැති නිසා මාත් බලාගෙන හිටියා

කොහොමහරි එකොළහ වසරත් ඇරඹුනා.එකම පන්තියට වැටුන අපි දෙන්නා.හිතාගන්න බැරි විදියට දෙන්නට දෙන්නා ගොඩාක් ලන්වුනා.අපෙ පන්තියේ මගෙ ඩෙස් එක ළග හැමදාම උගෙ මේසෙයි පුටුවයි තනි නොකර හිටියා.ඌට අපෙ ඉස්කෝලෙට එන්න ඒ හැටි දුරක් නෑ.මට තරම්

මන් ඉතින් පුකට අව්ව වැටෙනකන් හීන බල බල ඉන්න වෙලේ උදේ පාන්දර කුකුළත් අතින් අරන් මූලග්ගිනි රෝගය හැදුනා වගේ අම්ම සුද්ද සින්හලෙන් හොද පදේ කියාගෙන කාමරෙට ඇවිල්ලා නැගිටවලා කොහොමහරි ඊයෙ රෑ මැදපු යුනිෆෝම් එකත් ඇදගෙන කොහොමහරි යට කරන්න ඕන ශර්ට් එකත් බාගෙට කලිසම අස්සට ඔබාගෙන නන්ගිටයි මල්ලිටයි උදේ පාන්දර ගත්ත තැනකින් මගෙ මේස් දෙක දීපල්ල කියල උන් දෙන්නටත් කෑ ගහලා,උදේ පාන්දර අර පොඩි එවුන් දෙන්නට කෑ ගහනවා කියලා ඒ පලියට ආපහු අම්මා වළදක් උස්සන් කාමරෙට එනව දැක්කම කළු පාට සපත්තු කුට්ටමත් දාගෙන කොහොමහරි කොන්ඩෙත් හදාගෙන බෑග් එකත් කරේ එල්ලගෙන................. කියන්න ලැජ්ජයි.එහෙම තමයි මගෙ ජීවිකාව ගෙනියන්නේ

හන්තාන සුසුම්🌑💙[Taekook]Donde viven las historias. Descúbrelo ahora