දහහත්වන දිගහැරුම

21 4 1
                                    

________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

________________________________________

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මම කොහොමහරි A/L අයිලන්ඩ් රෑන්ක් එකකුත් එක්කම යුනිවර්සිටි එකකට තේරුනේ මටත් හිතාගන්න බැරි විදියට...මෙහෙමයි ඉතින්...මන් පේපර් ටික හොදට ලිව්වා...ගෙදර ඉන්නකොට ඔක්කෝම පේපර්ස් ටික පාඩම් කරන මේසේ උඩින් තියලා එක එක ෆයිල් විදියට වෙන් කරලා කොහොමහරි මාස තුනක කාලයක් ඇතුළත පාඩම් කරලා එක්සෑම් එක ලිව්වා...ඇත්තම කිව්වොත් එක්සෑම් තියෙන්නෙ මාස තුනක් වගේ කිට්ටුව නිසාවෙන්ම මම පෝන් එක ඇල්ලුවෙවත් නෑ...මොකද,මම දන්නවා අනාගත්තොත් ජය සිරි සුබ සිරි මoගලම් කියලා...කොහොමහරි ඒ දරපු උත්සාහයට,කැපවීමට මට කැළණිය යුනිවර්සිටි එකට එන්න ලැබුන එකට මට ගොඩක් සතුටු හිතුනා...එකක්,මන් ලoකාවෙන් ආසම ‍යුනිවර්සිටි එක කැළණිය වෙන එක...අනිත් එක තමයි කවුරුත් නොදන්නා පාළතක්නේ...කොහොමත් ගොඩක් අය ආස තමන්ගේ ගෙවල් තියෙන පැත්තක යුනිවර්සිටි එකකට ගිහින් හොදට ඉගෙනගන්න...ඒත් මගෙ අදහස ඊට හාත්පසින්ම වෙනස් වෙලා ගියේ මන් ආස නෑ යුනිවර්සිටි එකත් ළගින් වෙලා මගේ ගෙදරත් ඒ ළගින්ම වෙනවට...ඉතින් මන් මගේ කැමැත්තේ විදියට මට ලැබුන නිසා ඒ සතුටටත් එක්ක උඩ පැන්නේ දහසක් දේවල් ඔලුව වටේ කැරකෙද්දී...

දැන් ඉතින් යුනිවර්සිටි එකකට තේරුන නිසා බෝඩිමක් බලන්න ඕන...තව ඒකට යන්න කලින් කෑම බීම,ඇදුම් පැළදුම්...ඒව එහෙමත් ඕන එකේ...කොහොමත් කලම්බෝ වල ඕන තරම් ශොපින් සෙන්ටර්ස් තියෙන නිසා ඒ ගැන නම් එච්චර දගලන්න දෙයක් නෑ...මගෙ අම්මත් මන් තේරුනා කියල දැක්කම දෝත බදලම මාව බදාගත්තේ එයාගෙත් හිතේ අදහසක් තිබ්බ නිසා...අම්මත් හරි ආසාවෙන් හිටියේ මන් යුනිවර්සිටි එකකට යනව බලන්න...ඇත්තම කිව්වොත් අම්ම ඔය ඕනම යුනිවර්සිටි එකකට කැමතියි...ඒත් අප්පච්චිනම් කැමති උනේ මන් සෞන්දර්ය පැත්තෙන් යයි කියලා...මේකනේ...මට යන්න පුළුවන්.හොදට සින්දු කියන්නත් පුළුවන්...ඒ වුනාට මට ආසාවක් ඇති වුන්නෑ.යුනිවර්සිටි ‍යන කාලෙ සoගීතය පැත්තෙන් යන්න.ඒ නිසාම A/L වලට සබ්ජෙට් එකක් විදියට කොරියන් තෝරගත්ත නිසා මන් ඒ අoශයෙන් දිගටම යන්න තීරණය කරා...

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now