අටවන දිගහැරුම

49 5 5
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

අවුරුදු දෙකකට පෙර...

"අහස්...මන් ගියාම කලින් වගේම ඉන්න ඕන.හරිද.උබව මට ශුවර් නෑ.මන් ගියාම අඩන්න එපා"

"ම්ම්හ් නෑ.මන් එහෙම නොකර ඉන්නම් ඒත් උබ නැති අඩුව ගොඩක් දැනෙයි"

"ම්ම්හ් මටත් ගොඩක් දැනෙයි උබ නැති අඩුව...එහෙනම් මන් යන්නද.අම්මයි තාත්තයි ඉස්සරහ ගේට් එක ළග මන් එනකන් බලන් ඉන්නවා"

"ම...එහෙ ගිහින් මාව අමතක කරන්නෑනේද"

"අහස් ඇයි මේ.ඒ...යි.කෝ මන් දිහා බලන්න.මන් දන්න තරමින් ඔයා මෙහෙම අඩන කෙනෙක් නෙමේ.අහස් අහන්න.මන් නැති උනාට ඔයාට හේෂාන් ඉන්නවා.මිතිරත් ඉන්නවා.කසුන්,බුද්දික,සoකල්ප මේ හැමෝම ඉන්නවා.බය වෙන්න එපා මන් ගිහිල්ල ඔයාලට මැසේජ් කෝල්ස් කරන්නම් තේරුනාද.කෝ ඉන්න.අඩන්නෑ කියලා ප්‍රොමිස් වෙන්න..."

"අනේ...ඒ උනාට...ආහ්හ්"

ඔව්..ඔව් මන් දන්නවා.හේෂාන් අපි දෙන්න දිහා බලාගෙන ඉන්නේ.මන් දන්නවා දැන් උනත් මන් මගෙ පොඩි කාලෙ ඉදල හිටපු යාළුවව බදාගත්තහම ඌට කොයි වගේද කියලා.ඒත්...

ඕනම ගල් හිතක් අදි මාත්‍රක වචන වලින් නෑවුනහම ඒ ගල් හිත උණු කරන්න පුළුවන්.ඔව්..ආපහු පනක් දෙන්න පුළුවන්.ඒත්...ඒ අදි මාත්‍රක වචන පපු කැහුත්ත පසාරු කරගෙන කිණිස්සක් ගිලාබැස්සා සේ හදවත ඇතුළෙන් ඉරි තලනකොට ඔව්...ඒ විදියට ගැහැනුන්ට විතරක් නෙමේ.පිරිමින්ටත් පුළුවන්..........ඉවසලා ඉවසලා දරන්න බැරි අවසානම මොහොතේ උන් කරන්නෙ උන්ගේ දුක නැති කරගන්න ඒක පාවිච්චි කරන එක...

ම්ම්හ් මාත්..මාත් ඒ දේ පාවිච්චි කරා...දන්නවද...මගෙ පොඩි කාලෙ ඉදල හිටිය වගේම මන් කාටත් හොරෙන් ආදරේ කරපු එකම කොල්ල ඔව්..ඒ ඩිහේන්.ම්ම්හ් දන්නවද එයා එක්ක මන් ගත කරපු ඒ ලස්සන කාලෙ චූටි චූටි හිනා හඩවල් එක්ක ගෙවපු ඒ සුන්දර කාලෙ ස්පෝට් කිට් ඇදන් පිට්ටනියේ තරගෙට දුවපු කාලෙ ස්පෝට් මීට් දවසක ඩ්‍රිල් එකට ගේන්න කියල තිබ්බ බොටම් එක මාරු කරල ගුටි කාපු දවසෙ..හොරෙන් කැන්ටිම අස්සේ හැන්ගුන දවස..පිනාගෙ ඔෆිස් රූම් එකට විද්‍යා ගුරුතුමිය කනෙන් ඇදගෙන ගියපු දවස...ඔව්...මගේම අම්මගේ බඩේ නොවන නමුත් මගේම සහෝදරයෙක් වගේ හිටිය මගෙ හොදම යාළුවා... ඩිහේන් ලක්මාල් සතරසිoහ පස්සෙ ඒ යාළුකම ආදරයකට පෙරළිච්ච ගෙවල් වලින් අහු නොවෙන්න හොරාට උදේ,රෑ තිස්සේ කරපු මැසේජ් වරුසාව...ඔව් මේ ඔක්කොම මතක් වෙද්දී මගෙ ඇස් දෙකට කදුළු ඉනුවේ..අද මම හීනෙන්වත් බලාපොරොත්තු නොවුන දෙයක් නිසා වෙන්නැති.මන් කොච්චර යන්න එපා කිව්වත් යන්නම ඕන කියපු එයා..ඩිහේන්...එයාට යන්න වුනා.මට කෑ ගහල අඩන්න ඕන වුනත් මන් කොල්ලෙක්.මන් ඉවසන්න ඕන කෙනෙක්.කොල්ලෙක් ඇඩුවොත්...

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now