එකොළොස්වන දිගහැරුම

36 4 3
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

අද උදේ 8.00 සර් මැත්ස් ක්ලාස් එක දපු නිසා උදේම බස් එකට නැගලා මම ක්ලාස් එකට ගියා.මන් යනකොට ක්ලාස් එකේ දොර තාම අගුළු දාල නිසා ක්ලාස් නැතිව වත්ද කියල හිත හිතම හේෂාන්ට මැසේජ් එකක් දැම්මා...

දාපු සැනින් හේෂාන්ගෙන් රිප්ලයි ආව මට මම පෝන් එකෙන් ලොක් එක ඇරලා බැලුවා...

"අද ක්ලාස් තියෙනවා.මන් මගින් එන ගමන්..."

මන් බෑග් එකත් බැම්ම උඩින් තියලා රේල් පාර දිහා බැලුවෙ හේෂාන් එනවද කියලා.ඈතින් පේන ස්ටේශන් එක දැක්කහම මට එකපාරටම මතක් වුනේ හේෂාන්ව මුළින්ම අදුරගත්ත දවස...

අවුරුදු එක හමාරකට පෙර...

මම දුම්රිය ස්ටේශන් එකට ඇවිල්ලා මගෙ සයිඩ් බෑග් එකත් කරේ දාගෙන පාරේ ඇවිද ඇවිද ගියේ හේෂාන් කියන අලුතින් අදුන ගත්ත ළමයා මට පාක් එකට එන්න කිව්ව නිසා.පන්තියේ කතා බහ කරගෙන හිටියත් වැඩි ඇසුරක් නැති මම මට මෙහෙම එන්න කිව්ව හින්දම මම ස්ටේශන් එකට විරුද්ද පැත්තේ තියෙන පාක් එක පැත්තට ඇවිදගෙන ගියා.වෙනද තරම් සෙනග නැති ස්ටේශන් එකේ බෑග් එකත් අත් දෙකෙන්ම අල්ලගෙන මම ඉස්සරහට ඇදුනා.

ආහ්හ්...කව්ද මගෙ උරහිසින් අල්ලගත්තේ.මම ඒත් එක්කම පස්සහට හැරිල බැලුවෙ කව්ද ඒ කියලා.මේ අර මට එන්නයි කියපු කොල්ල නේද...

"අහස් පොඩ්ඩක් ඉන්න..."

"ආහ්හ්...මේ හේෂාන්...ඔව් කියපු වෙලාවටම මන් ආවා"

"ම්ම්හ්...මේ අදුනගන්න මගෙ යාළුව තිමිර"

"හායි...මන් තිමිර.මේ ළග ඉන්නේ"

"ආහ්හ්...ඉස්කෝළෙට ළගමද ඉන්නේ"

"ඔව්."

"අපි අර පැත්තට යමු"

එහෙම කියපු හේෂාන් මගෙ අතත් අල්ලගෙන පාක් එක ඇතුළට ගියා.අත අල්ලගෙන...ඒ මොකක්ද එකපාරටම උනේ.මගෙ පව්ලෙ අය ඇරෙන්න කිසිම කෙනෙක් මීට කලින් මගෙ අත අල්ලගෙන ඉදලා නෑ.හේෂාන්.මොකක්ද ඒ එකපාරටම උනේ...

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now