දොළොස්වන දිගහැරුම

27 3 2
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

මම උදේම නැගිටලා අද සුදු ඇදුමක් දාගත්තේ ඊයෙ අම්ම කියපු විදියට උදේ පන්සලට දානෙ ඇරගෙන යන්න ඕන නිසා.ගමේ පන්සල් දෙකක් වෙනකොට ගමේ ඉන්න පව්ල් තියෙන පන්සල් දෙකට බෙදෙනව.එතකොට අපි අයත් වුනේ පරම්පරාවේ ඉදලා හැමදාම යන පන්සලට...එක පන්සලකට අපේ පව්ල අයත් වෙනකොට මට දහම් පාසල් යන්න උනේ අනිත් පන්සලට.සිල් ගන්න දවස්වලටනම් හාමුදුරුවො ටිකක් නෝක්කාඩු කිව්වට අනිත් වෙලාවට බලන්න එපැ තියෙන සුහදතාවය.කොච්චර ගමේ පන්සල් දෙක ලොකු උනත් මුතුන් මිත්තන්ගෙ කාලෙ වගේම අදත් ඒ පැරණි අදහස් තියෙන අපේ ගමේ එක පන්සලකට නොයා හිටියොත් ගමේ මළගෙදරකටවත් සහබාගී වෙන්නෑ කියලා මතේකුත් ගියා.ඒ නිසා අද එක පන්සලකටනම් හෙට අනිත් පන්සලට දානෙ ඇරන් යන්න ඕන කියන දේ අපේ ගමේ මිනිස්සු හුරු වෙලා හිටියා.එහෙම නොවුනොත් අද දවසේ දානෙ ලබාදෙන පන්සලට අනිත් පන්සලේ හාමුදුරුවො නමක් වඩින එක සිද්ද වෙලා තිබුනා. අතීතෙ වගේම අනිත් පන්සලේ ඉන්න පන්සලට අපේ පව්ලෙන් දානයක් වගේ දෙනවනම් සoඝයා වහන්සේලාට ඒක සාමාන්‍යයෙන් ලොකු දානයක් වගේ තමයි බාරගන්නේ.ඉතින් ඒ මුතුන් මිත්තන්න්ගේ ඉදන් දෙන දානයට ගමේ දායක සබාවත් සම්බන්ද වෙන අවස්ථා ඕන තරම් තිබුනා...අදත් ඒ වගේ දවසක්...මන්නම් ඉතින් වැඩියෙන් ඕවට යන්න කැමති නෑ.කැමති නෑ කියන්නෙ මෙහෙමයි.පන්සලේ දානෙ දීලා පාඩුවේ ආපහු ගෙදර යන්න තිබ්බනම් ඇති.අරකට කතා කරපන්,මේකට වැදපන් අරකද මේකද මට පේන්නම බැරි ඒව වුනා.ඇත්තම කිව්වොත් අපෙ අම්මා අද සුදට සුදේ ඇදගෙන සුදු කිරිල්ලිය වගේ කුස්සියේ දාගෙන බාජන වලට දානෙ අස් කරනවා...

"මැනිකෙ...ඔය ලොකු බාස්කට් එක මෙහෙට දියන්කො"

"හා ඉන්න...මන් මේ එකකට අරිනවා"

"උබෙ පණ්ඩිතකම් නෙමේ ඕන් ඕක දීපන් මෙහෙට..."

"අම්මේ මේ මෙහෙම හොදයි නේ.ආයෙ ගව්මක් ඕන්නෑනේ..."

"පන්සලට යන්නේ.උබ කොහෙ කියල හිතාගෙනද අමුඩයක් ගහගත්තේ.ගලවල වෙන එකක් දාගනින් ඕකට"

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now