දහහතරවන දිගහැරුම

23 4 3
                                    

________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

________________________________________

මාස තුනකට පසු...

එදා ඩිහේන් ලන්කාවට ආවට පස්සේ මායි හේෂානයයි අපි දෙන්නත් ඌ එක්ක ලන්කාවෙ ඌ කැමති තැන් බලන්න ගත්තා.ඒත් එදා ඉදල අද බලනකොට වෙනස්ම හෝරා කිහිපයක්...මැරෙන්න බැරි කමට ජීවත් වුන හෝරා කිහිපයක්...මන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරපු හේෂාන්......................










මාස තුනකට පෙර...

"මචන් තිමිරය...මේ අද මැත්ස් ක්ලාස් එනව නේ...හේෂාන්ගෙන් ඇහුවම ඌනම් එනව කියල කිව්ව"

"ආහ්හ් හරි බන්.මාත් එනව මේ හවස අයිස් එකක් කන්නත් එක්කම කීයක් හරි වැඩියෙන් ඇරන් වරෙන්"

"හරි හරි බන්"

මන් තිමිරයගෙ කෝල් එක කට් කරලා බෑග් එක දාගත්තේ බස් එකට යන්න...12.45 යි...ක්ලාස් එක පටන් ගන්නෙ 1.00  ඒ හැටි දුරක් නැති උනත් කලින් යන්න ඕන කියන මතෙන් හැමදාම විනාඩි පහළොවක් තියාගෙන ක්ලාස් එකට යන මම අදත් වේලාසනින්ම ක්ලාස් එකට ගියා.මම යනකොට තිමිරය ඇවිල්ල හේෂානය පේන්න නැති නිසා තිමිරයගෙන් ඇයි කියල ඇහුවා.

"අද ඌ එනකොට ටිකක් වෙලා යනව කිව්වා"

"මට කිව්වෙවත් නෑ"

"ඌ තව ටිකකින් එයි.මේ උබ අර ගාන හැදුවද ගිය සතියෙ දුන්න එක.පොත දියන්කො"

මගෙ බෑග් එකෙන් පොත ගත්ත තිමිරය දුන්න ගාන බලන අතරේ මන් කල්පනා කරේ මේ ටික දවසක ඉදලා හේශාන් ක්ලාස් එකට එන්න පරක්කු වෙන නිසා.ගිය සතියෙත් ඕකම උන නිසා මන් ඒකත් හිත හිතම අත් දෙක මේසෙ උඩින් තියාගෙන ඉස්සරහ තියෙන ගොඩනැගිල්ලට පස්සහ තියෙන හපු ගහ දිහා බලන් හිටියා.ටික වෙලාවකින් පස්සේ ක්ලාස් එක පටන් ගත්ත නිසා හැමෝම නැගිටින අතරේ මාත් නැගිට්ටා.සර් මන් ළගට ආවෙ අමුතු හිනාවකුත් දාගෙන...

"අහස් පුතා ගණන් ටික හැදුවද...කවුරු එනකන්ද ඔය පැත්ත බලන් ඉන්නේ.."

"ආ...නෑ..."

"හේෂාන් පුතා තව ටිකකින් එයි"

"ම්ම්හ්..."

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now