දහඅටවන දිගහැරුම

28 2 2
                                    

________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

________________________________________




දවස් හෙමින් ගෙවීගෙන යන අතරේ ජීවිතේ තව තව නොයෙක් නොයෙක් කරුණු රැස් වෙන්නේ හිතන්නවත් පුළුවන් වෙලාවකවත් වෙන්නෙ නැති කොට...යුනිවසිටි ජීවිතේ හිතුවට වඩා අමුතුම ලස්සනක් ගෙනාවේ මන් කවදාවත් නොහිතපු විදියට...

ඇත්තම කිව්වොත් ඒ ජීවිතේ අමුතුම ලෝකයක්.නොදන්නා පළාතක නොදන්නා තැනක ඉගෙන ගන්න ලැබෙන එක...මගෙ ජීවිතේ මන් ලබපු ලොකු අත්දැකීමක්...කලින් මන් හිටිය ජීවිතේ එක්ක බලද්දි මන් ඉන්න ආසම ලෝකය මේ මන් ඉගෙනගන්න තැන වෙනකොට හිතුවට වඩා වෙනස් ගොඩක් දේවල් මේ යූනි එකේ වෙන අතරේ මටත් නොදැනි මගේම කියලා සහෝදරයෙක් විදියට මට හොද යාළුවෙක් හම්බුනා...

ඔව්...මගේම කියල සහෝදරයෙක් වගේ.ඒ තරමට අපි දෙන්න ලo වුනා.යන ඕනම තැනක නැට්ට වගේ පස්සෙන් එන...කන්න යන ඕනම වෙලාවක කිසිම දෙයක් හිතන්නැතුව ඕන දෙයක් බෙදාගෙන කන...වැරැද්දක් වෙච්ච වෙලාවේ වැරැද්දක් නොකරම එයා වැරැද්ද එයාගෙ පැත්තට හරවගන්න.ඔව්...ඌ මට ලොකු හයියක් උනා...

           මියුරු සදරැස් ගනේආරච්චි...

ලස්සන ඇස් දෙකක් තියෙන,ටී-ෂර්ට්ස් අදින,ටිකක් නිවිච්ච අහින්සක මනුස්සයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලස්සන ඇස් දෙකක් තියෙන,ටී-ෂර්ට්ස් අදින,ටිකක් නිවිච්ච අහින්සක මනුස්සයෙක්.එයා මාතලේ කියල දැනගත්තම මන් වැඩියෙන්ම කැමති උනේ අල්ලපු පළාත නිසා.මගේම වයිබ් එකට සෙට් වෙච්චි එකෙක් විදියට ඌ සිoදු වලට එහෙම මාර ආසයි.ඩ්‍රාමා වලට ඇක්ටින් කරන්නත් ඌට හොදට පුළුවන්.දවසක මට මන් සoගීත පන්තියේ ඌ එක්ක ඉද්දි මට ඌ පෙන්නුවා පෝන් එකෙන්.ඌ ලස්සනට ඇක්ට් කරනවා.හරියට නිකම් ඇත්තම නළුවෙක් වගේ.දවසක හොද තැනකට යන්න පුළුවන් ඌට යාළුවෝ වගේම වටේ ඉන්න මිනිස්සු පාගන්නේ මට වගේම...ඒ කොහොම උනත් ඒව දැකලම ඌ මටත් කියන්නේ පස්සහට හැරිල උන්ට කතා කරන්නැතුව අපේ පාඩුවේ අපේ ගමන යන්න ඕන කියලා.ඒ අදහස් වලට මන් මාරම ආසයි.හැමෝම එක වගේ මිනිස්සු මේ ලෝකේ නැහැනේ.ඉතින් ඒ අතරින් මන් දැක්ක අමුතුම මනුස්සයෙක් තමා මියුරු කියන්නේ...දැන්නම් ඉතින් මගෙ හොදම යාළුවා...කලින් මාත් එක්ක හිටිය එවුන් දිහා බලද්දි දාහකින් සම්පතක්...ඒ තරමට ඌ මාත් එක්ක සමීප වුනා.ඌ නැතිව ඉන්න බැරි වෙන තරමටම...මටම තේරෙන්නෑ මන් කොහොම ඌ එක්ක එකතු උනාද කියලා.මන් ගැන ඕනවටත් වඩා හිතුවට මන් දන්නවා ඌ ඒ කරන්නේ තියෙන යාළුකමට කියලා...ඌ කියන්නේ යාළුවෙක් එක්ක බලද්දි අමුතුම මනුස්සයෙක්.හරියට නිකම් ගහක් හැදෙන්නනම් වතුර ඕන වගේ...ඔව්...ඌ මාව වෙනස් කරා.කලින් හිටිය අහස් එක්ක බලද්දි දැන් ඉන්න අහස්...මටම මන් ගැන පුදුමයි.ඌ එක්ක ඉද්දි මන් අමුතුම මනුස්සයෙක්.මගෙ ඕනම දෙයක් මන් ඌ එක්ක බෙදාගත්තා.ඔව්...කිසිම කිලිටක් නැතුව මගෙ සහෝදර,සහෝදරියන් අතරේ තියන්න පුළුවන් එකෙක් විදියට ඌ මාත් එක්ක එකට හිටියා...මට සතුටුයි මගේ ජීවිතේ හොයන්න කෙනෙක් එහෙම ලැබුන එකට...

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now