විසිපස්වන දිගහැරුම

15 2 5
                                    

______________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

______________________________________
______________________________________

මම මේ කල්පනා කරේ ඊයෙ අපිට වෙච්ච දේ ගැන.කියන්න කනගාටුයි.මොනව උනත් අරූ හින්ද හොදට පොඩි ඇටයෙක්ගෙන් අහගත්තා.මිනිහට කිව්වා පාඩුවේ පැත්තකට වෙලා හිටපන් කියලා කොහෙද මුටත් මූලක්ගිනි රෝගයනෙ.ඉන්න බෑ පුක නලියනවා.බෝඩිමේ තියෙන චූටි කුස්සියේ මම එළවළු වගයක් කපන ගමන්.මේ ගේ ඇත්තටම අපි දෙන්නට ඇති.හරි චාම් ලස්සන පාටකින් තියෙන මේ ගෙදරට,කුස්සියකුයි,කාමර දෙකකුයි,වොශ් රූම් එකකුයි තියෙන්නේ.ආයෙ චූටි සාලයක් වගේ කොටසක් තියෙනවා.TV එක්කුත් තියෙන නිසා අපි දෙන්නට පාළුවක් දැනෙන්නෙ නෑ.

"අහස්,අම්මගෙන් කෝල් එකක්"

"අඩේහ්...කෝ දියන්.හෙලෝ අම්මේ"

"මයෙ පුතේ.මොකද කර කර හිටියේ"

"දැන්නම් මේ කැරට් අලයක් සුද්ද කරන ගමන්.අම්ම මොකද කරන්නේ.මන් අම්මට ගන්න කියල හිටියේ"

"මන්නම් ඉන්නව පුතේ.පුතාට කොහොමද"

"වරදක් නෑ අම්මා.මූ එක්ක තමයි ඉතින්"

"මන් පුතාගෙ එකට ගත්ත.ඒත් පුතා ආන්ස්වර් කරපු නැති නිසා මියුරු පුතාට ගත්තේ"

"ආහ්හ්.අම්ම අමතක වුනා.පෝන් එක මම චාජරේට ගහලනෙ තිබ්බේ.පෝන් එක ඕෆ් කරල"

"ඒක තමා.දැන් තාම කාල නෑනේ"

"නෑ අම්මේ මේක හදාගෙන දෙන්නත් එක්ක කනව.මල්ලි කෝ"

"ඉන්නව පුතේ.ඔය සාලෙට වෙලා TV එක දිහා බලන් ඉන්නවා.අයිය නැති නිසා පාළුයිලු"

"ම්ම්හ් මන් එන්නම්කො.නිවාඩු හම්බුන දවසක.එසයිමන්ට්ස් අනන් මනන් පිරිලා අම්මා.එපා වෙනවා වෙලාවකටනම්"

"පුතාගේ හීනෙ වෙනුවෙන් කියල හිතල වැඩ කරන්න"

"ම්ම්හ්.අප්පච්චි කෝ අම්මා"

"එයානම් උදේම වැඩට ගියා.දන්නවනෙ ඉතින්.ගෙදර ආවත් ආපිට යනවා.නන්ගිත් එයා එක්ක ගියා"

"මන් හිතුවා හැදිල ඇති කියලා.එහෙම නෑනේ"

"ඒකි හැදෙන එකියක් නෙමේ.ඒවයෙන් වැඩක් නෑ.මයෙ පුතා පරිස්සමින් ඉන්නවනම් ඇති"

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now