විසිතුන්වන දිගහැරුම

34 3 3
                                    

______________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

______________________________________
______________________________________

මන් ඌට එහෙම කියලා ඉස්සරහ බලාගන්නකොට දැක්කෙ මට එහාපැත්තෙන් නන්ගි කෙනෙක් ඉන්නවා...

ඒත් එක්කම එයත් මන් දිහා බැලුවා
______________________________________

"දෙවියනේ...අහස්..."

"සෙ..සෙව්වන්දි..."

"අනේහ් ඔයා මෙහෙ...මට හිතාගන්න බෑ..."

"නන්ගි මොකෝ මේ කොහෙද යන්නේ"

"ඇයි අයියේ මන් කැම්පස් සිලෙක්ට් වුනානේ...දැන් කැළණිය යන්නේ..."

"මොකක් කිව්වා..."

"ඇයි අයියේ..."

"අනේ ඒක කොච්චර ලොකු දෙයක්ද..."

"ඉතින් අයියා මේ කොහෙ යන ගමන්ද..."

"මාත් මේ යූනි එකට යන ගමන්...මාත් කැළණිය තමා යන්නේ..."

"අනේ ඔය ඇත්තමද...ශෝක්නේ...මන් දන්නැතුවනෙ හිටියේ...මන් හිතුවා ඔයා වෙන එක්කට ගියා ඇති කියලා..."

"අනේ නෑ මන් කැළණිය කැම්පස් යන්නේ..."

"ශෝක්...ශෝක්...අයියත් ඉන්නවනෙ මට බය වෙන්න දෙයක් නෑ..."

"ම්ම්හ්..."

"අයියා සoගීතය නේ..."

"ඔව්...ඇයි නන්ගි..."

"මන් චිත්‍රනේ...ඒ උනාට අපි දෙන්නට ළගින් ඉන්න පුළුවන්...මන් කිව්වේ මොනව උනත් දන්නැති පළාතක්නේ..."

මන් ඇස් දෙකත් ටිකක් ලොකුවට හදාගෙන මියුරු දිහා බැලුවා...
ඌ මන් දිහා අමුතුවට බලන් ඉන්නවා...හරිනෙ ඉතිම්...එකපාරටම කෙල්ලෙක් ඇවිල්ලා කතා කරනකොට ඌත් බැලුවා ඇති මේ මොකෝ කියලා... "ලියාරා සෙව්වන්දි මන්තුන්ග" කියන්නේ මගෙ ජීවිතේ මට එපාකරපු කෙනෙක්.ඇත්තම කිව්වොත් පරාල ඇණයක්...කාලයක් මට වාතයක් වෙවී හිටියා...දැන් ආයෙමත් පස්සෙන් එනවා...මේ පරාල ඇණය දැන් මාත් එක්ක එක යූනි එකේ ඉගෙනගන්න එනව කියන්නේ...මදැයි....තනියම ඉන්න හිටියා...කොහෙන් ගියත් මගේ පස්සෙන් එනවා...

කවුද කියල අහනව වගේ...මූ මට ඇස් වලින් කියනවා...

"අදුරන නන්ගි කෙනෙක් බන්...කලින් ඉස්කෝළේ..."

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now