1 කොටස ❄️🌷

165 9 0
                                    


" ආරේ චික්කිනි චම්මෙලේ
චුප්පකැහේ යක්කේලේ
ඔව්වා චොර්හාච ආයේ
ගැස්සිලා කැරකිලා අපි බෝම්ල බෝම්ල
කිරි කිරි බෝම්ලේ -"

මම හිටියේ පන්තියේ කෙල්ලො කොල්ලො ටිකත් එක්ක පිටිපස්සට වෙලා සින්දු කිය කියා නටන ගමන්.. පන්තියේ බ්‍රයිට් කේස් ටිකනම් ඉස්සරහ පේලි වලට වෙලා උන්ගෙ සබ්ජෙක්ට් වල පැවරුම් කර කර හිටියා..

" නවත්තපාන්න්න්න්න්න්-"

හරිනේ ඉවරයි.. අපි ඔක්කොම සනිකව සින්දු කියන එක නවත්තලා දඩි බිඩි ගාලා ඉදගත්තෙ දොලහා ආට් ඒ පන්තියේ උලුඅස්ස ගාවෙන් ආව සද්දෙට ප්‍රතිචාර දක්වලා.. මන් හෙමීට ඔලුව උස්සලා බැලුවේ උලුඅස්ස දිහා.. අම්මේ ඉතින් අපේ විනයභාර වසන්ත සර් කන්නාඩි දෙකත් නහය ගාවට දාගෙන වේවැල වෙනුවට දාර පොල්ලකුත් ඇරන් රවාගෙන අපි දිහා බලන් හිටියා.. අම්මට මෙන්න මූ පන්තිය ඇතුලට ආව..

" කවුද.. කවුද කියපන් මේ පන්තියේ මොනිටර් නැගිටපන් "

වස්ස මහ හයියෙන් කෑ ගැහුවම ලමයි හැමෝම මගේ දිහා බැලුවා.. හයියෝ මන් නෙවේ මොනිටර්.. කාටද බන් සයාශ් උබ ඔය බොරු කරගන්නෙ උබටමයි නේ. මන් ශේප් එකේ හිටගත්තා..

" උබද මොනිටර්.. කවද ඉදන්ද උබ මොනිටර් උනේ.. උබ නේ ඔක්කොටම වඩා හයියෙන් කෑ ගැහුවේ..අම්මපා උබලා නම් හැදෙන්නෙ නෑ.. යකෝ පැය බාගෙකට ටීචර්ස්ලට මීටින්ග් එක්ක කිව්වම උබලට මගුල්ද.. ආහ් අනික සූර්‍යකාන්ති මැඩම්ට කසන්නෙ නෑ උබලව මේ අට වසරේ බිල්ඩිමකට දාන්න. උබලව මේකට දැම්මෙ අට වසරේ ලමයි උබලා දිහා බලලා හැදෙයි කියලා.. උබලගේ මේ වැඩ වලින් සූර්‍යකාන්ති මැඩම්ට තමා ප්‍රශ්න "

සීතල කුසුම් | COLD FLOWERS | BLحيث تعيش القصص. اكتشف الآن