8 කොටස ❄️🌷

41 8 0
                                    


" කෝ යකො මුන් දෙන්න.. "

හැමෝම ග්‍රවුන්ඩ් එකට වෙලා බලන් හිටියේ ෆරුකයයි ආම්නයි එනකම්.. මුන්ට මන් ඊයේ එන්න කිව්වෙ අටට දැන් වෙලාව අට හමාරයි.. වෙලාවට වැඩ කරන්න බැරි බල්ලො එක්කනේ මන් මේ වැඩ කරන්නෙ..

" අහ්හ් නෝනයි මහත්තයයි.. දැන්ද උබලගේ ඔරලෝසු වලට අට උනේ ?"

ඇත ඉදන් ග්‍රවුන්ඩ් එක පැත්තට එන ෆරුකයයි ආම්නවයි දැකලා මම ඇහුවා.. අනේ අම්මපා.. ෆරුකයා තාම ඇස් පොඩි කරනවා..

" අනේ අයියේ මේ ගොනා නැගිට්ටෙ නෑ.. මන් පට්ට අමාරුවෙන් නැගිට්ටවලා මේ එක්කන් ආවෙ.. "

අම්නා ෆරුක්ගේ ඔලුවට ගහලා කේතකීලා හිටිය තැනට ගියා.. ඇත්ත තමා මේ ගොන් හරකට නින්දෙන් තොර ලෝකයක් නෑ මු ඉස්කෝලේ ඇවිල්ලත් කරන්නෙ බුදියන එක... මහ මූසල අමු කාලකන්නි ජීවිතයක් මූ ගෙවන්නෙ.. මන් ඈනුම් ඇර ඇර ඇස් දෙක ඇරගන්න බැරුව හිටිය ෆරුකයා ගාවට ගිහින් වතුර බෝතලේ උගේ ඔලුවේ හැලුවා.. මේකෙ කොන්සික්වෙන්සස් දැන දැන මම ඒ ක්‍රියාව කොරා.. ඔන්න ගොනා ඇවිස්සුනා..

" මොකද්ද පාහර බල්ලො උබ කලේ... නැවතියන් දුවන්නෙ නැතුව හු### ## නැවතියන් උබ "

මන් පණ කඩාගෙන මුලු ග්‍රවුන්ඩ් වටේම දිව්ව.. දුවලා දුවලා උටයි මටයි දෙන්නටම හති.. ෆරුකයව අවුස්සගන්නවා කියන්නෙ ඉතින් වෙනම ආතල් එකක්.. ඌයි මායි හති හල හල හෙවනකින් ඉදගත්තා.. මූව නෑවිලා වතුර එකෙන්..

" හරි හරි සෙල්ලම් කරා ඇති නේ අයියේ දැන් වැඩේ පටන් ගමු.. "

කේතකී මගේ ලගට ඇවිත් මට අත දික් කලා නැගිටින්න.. මාත් ඉතින් ඒකිගේ අත අල්ලන් නැගිට්ට.. මේන් මේකි මගේ අත දෙන්නෑ.. යකො අත දීපන්.. මන් ඇදලා ඇදලා කොහොමහරි අත ගලෝගත්තා.. හරි අමුතුයි..

අපි ඉස්සෙල්ලම කොට්ටපොර ගහන තැන හැදුවා.. මම පොලොව හාර හාර ඉන්නකොට අයාන් මල්ලි උදැල්ලකුත් ඇරන් මගේ ලගට ආව මන් ඇස් කොනෙන් දැක්ක.. මන් ගනන් ගත්තෙ නෑ ඌව ඌට ඕන ඕන වෙලාවට පුප්පන්නයි ඌට ඕන වෙලාවට ෆිට් එකේ කතාකරන්නයි දෙකක් බෑනේ..

සීතල කුසුම් | COLD FLOWERS | BLWhere stories live. Discover now