14 කොටස ❄️🌷

29 6 0
                                    


ඒ දේ වෙලා අදට දවස් හතරක්.. ඔව් අයාන් මල්ලි මගේ කට කාල දවස් හතරක්!!!! අනේ දෙයියනේ.. දවස් හතරම මම කරේ ඌව මගඇරපු එක.. පෙලක් වෙලාවට මට ඌව මූණට මූණම හම්බෙලත් මන් ඌව මගඇරියා.. මට මූණ දෙන්න බෑ.. මන් කොහොමද මූණ දෙන්නෙ.. මට මේ දේවල් කාටහරි කියලා හිත නිදහස් කරගන්න ඕනෙ උනා.. ඒත් ෆරුකයට මේ දේවල් කියන්න බෑ ඌ කැමති නෑ කොලුකාර සීන්වලට. මේ දේවල් නිසා මට බෑ ෆරුකයව නැති කරගන්න මන් දන්නවා තාත්තා මේ වගේ දෙයක් දැනගත්තොත් මාව මරයි.. මට බෑ ඒ තැනට යන්න.. ඒත් මේ ගෙවුන දවස් ටිකට මගේ පපුව පිච්චෙනවා වගේ.. අයාන් මල්ලිව දකිනකොට මට මහ අමුතු දුකක් දැනෙනවා.. එක වෙලාවකට හිතෙනවා ඌ ඒක කරේ විහිලුවට කියලා.. එත් ඒ වගේ දෙයක් විහිලුවට කරන්න මූට පිස්සුයෑ.. මන් හිටියේ ෆරුකය එක්ක පන්තියේ ඩෙස් එක උඩ ඉදගෙන.. යුවිරුවයි ෆරුකයයි කයිය ගහද්දි මම කරේ පොඩි ලමයින්ගේ පන්ති දිහා බලාගෙන කල්පනා කරලු එක. ඇත්තටම ආයෙ පොඩි කාලෙට යන්න පුලුවන්නම්.. මේ කිසිම දෙයක් නොදන්න ඔහේ දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න කාලෙට.. ඒ කාලේ හරි සුන්දරයි..

" සයාශ් මොකෝ බන් මේ ?"

" අහ් නෑ බන් මේ නිකම් ගෙදර ගැන කල්පනා කරේ. මම යනව ලයිබ්‍රියට එනවද ?"

මන් ඩෙස්ක් එක උඩින් බිමට පැනලා ෆරුක් කොල්ලගෙන් ඇහුවා.. ඕක දැන් එන්නෙ නෑ යුවිරුවා එක්ක පියාඹන නයි අරී..

" උබ පලයන් බන් මට කම්මැලි "

ෆරුකයා මූණත් තැලිය කරන් කිව්වා.. මන් කිව්වෙ නැද්ද ඕකා දැන් එන්නෙ නෑ කියල.. මන් උට බම්බු ගහගන්න කියලා පන්තියෙන් එලියට ඇවිත් පඩිපෙල බැහැලා බිල්ඩින් දෙක තුනක් පහු කරන් ලයිබ්‍රියට ගියා.. ඒ වෙලාවෙ වැඩිය ලමයි හිටියේ නෑ ඒකත් හොදයි.. ලයිබ්‍රියේ සෑර්ට හිනාවකුත් දාල මන් ලයිබ්‍රියේ කොනේම ජෝග්‍රොෆි පොත් තිබුණ රාක්කෙට ගියා.. මන් ආසයි ජෝග්‍රොෆි වලට ඒත් ජෝග්‍රොෆි කරපු සර් මට සබ්ජෙක්ට් එකම එපා කෙරෙව්ව.. ඒක නිසාම මම ජෝග්‍රොෆි සබ්ජෙක්ට් එක පැත්ත වත් බැලුවේ නෑ.. මන් පොත් රාක්කෙ පොත් හොය හොයා ගිහින් එක පොතක් ගත්තා.. එතකොටයි මම පොත් රාක්කෙ එහා පැත්ත හිටිය කෙනාව දැක්කෙ.. අයාන් මල්ලිත් මාව දැක්ක.. ඌ මාව දැකලා රාක්කෙ එහා පැත්තෙ ඉදන් මන් හිටිය පැත්තට ආව.. මන් එතනින් යන්න හැදුවත් මූ මගේ අතින් අල්ලලා මාව නවත්තගත්තා..

සීතල කුසුම් | COLD FLOWERS | BLМесто, где живут истории. Откройте их для себя