5 කොටස ❄️🌷

55 6 0
                                    


" මල්ලි දැන් ටිකක් මේ හෙවනට වරෙන්.. අවුවෙම ඉදලා අමාරු ඇති හෙමීට ඔය ටික කරමු බන්.. "

කැඩෙට් කොල්ලො ටික ආව වෙලා ඉදන් නවත්තන්නෙ නැතුව කර වෙන අවුවේ පිට්ටනිය සුද්ද කරනවා දැක්ක මම උන්ට ටිකක් බ්‍රේක් එකක් ගන්න ගස් හෙවනට කතා කරා.. උන් පස් දෙනා මායි ෆරුකයයි ඉදන් හිටිය තැනට ඇවිත් තණකොල උඩ ඉදගත්තා.. අයාන් මලයා නම් ශර්ට් එකත් ගලවන් යට බැනියම පිටින් දාගෙන පොලොව කොටනවා.. ඌට තිබ්බෙ දහය වසරෙ එකෙක්ගෙ පෙනුමක් නෙවේ.. මන් හිතන්නෙ මූ වර්කවුට් කරනවද කොහෙද කෙට්ටු උනත් දනුශ්ගේ වගේ සික්ස් පැක් අතේ අඹ පලුව පිටේ සමනලා.. අසාමාන්‍ය උස.. ඌ මටත් වඩා උසයි.. දාඩියත් හල හල පොලොව කොටන උගෙ ඇග දිලිසෙනවා දාඩියට.. ඒත් කවදාවත් කලු නොවෙන සුදක් ඌට තිබ්බේ.. මැලේ කාරයෙක්ද කොහෙද.. අහලා තියෙන විදියට නම් උගේ අම්ම සුද්දියෙක්ලු.. ඒක වෙන්න ඇති..

" අයාන් මල්ලී මේ වතුර ටිකක් බීලා ඉදහන්.. හෙමීට ඕක කොටා ගන්න පුලුවන් "

ෆරුකයා අයාන් මලයට කතා කරාම ඌ උදැල්ල පැත්තක තියලා අපේ පැත්තට ඇවිත් වතුර බෝතලයක් ඇරන් වතුර බිව්වා.. අම්මො උගෙ ඇඩම්ස් ඇපල් ගෙඩිය වෑවූ..

" ආම්නා මොකෝ තමුසේ අපේ පස්සෙන් ආවෙ.. පීරියඩ් කට් කරනවනේ.. ඉදහන්කෝ මන් මම්මට කියනවා "

ෆරුකයා ආම්නත් එක්ක එල්ලෙන්න ගත්තා.. ආම්නව අවුස්සගත්ත කියන්නෙ ඉවරයි ඉතින්.. පරමාණු බෝම්බයක් පිපිරුණා වගේ..

" මම විතරද පීරියඩ් කට් කරන්නෙ තමුසෙත් පීරියඩ් කට් කරනවනේ "

හරිනේ අහගත්තා.. මූටත් කට වහන් ඉන්න බෑ.. ආම්නගෙ කතාවට ඔක්කොම හිනා උනා..

" හරි හරි පණ්ඩිත කම් වලින් වැඩක් නෑනේ උබට "

සීතල කුසුම් | COLD FLOWERS | BLOpowieści tętniące życiem. Odkryj je teraz