7 කොටස ❄️🌷

47 8 0
                                    


" මෙච්චර ලොකු කොටන් ඇති වෙයිනේ පුතේ ?"

මුකේශ් මාමා ගස් කපන මැශින් එක අතේ තියාගෙන පොඩි පුවක් ගහක් පෙන්නලා මගෙන් ඇහුවා..

" ඇති මාමේ ගොඩාක් ලොකු ඒවා ඕනේ නෑ "

මම කිව්වම මුකේශ් මාම කොටන් ටික කපන්න ගත්තා.. කොහොමත් ඉතින් අපේ ඉස්කෝලේ ඇටකිච්චො ටිකනේ නගින්නෙ ගොඩාක් හයියට ඕක ඕනේ නෑ...

" ආම්නා නටන්නෙ නැතුව ඉන්නවා.. කකුලක් කඩාගනින්කෝ මෙතනම දාල යනවා මම "

ෆරුකයා ගිරිය ගලවන් කෑ ගැහුවා... අම්නාටත් නිකන් ඉන්න බෑ ඒ ටිකට එතන තිබුණ නමිනං ගහට නැගලා නමිනං කඩනවා.. කොහොමත් ඕකි ෆරුකයා කියන එකක් අහන්නෙ නෑ..

" හරි හරි අනේ ඉන්නවකෝ පොඩ්ඩක් "

" අහ් මාත් හිටියේ ගහට නගින්න තමා ආම්නා හොදයි ඔයා නැගපු එක අපිටත් එක්කම කඩන්න හොදේ "

බිම ඉදන් රාජාත් ආම්නට සපෝට් කරා.. ඇත්තටම ආම්නා කියන්නෙ කෙල්ලෙක් නෙවේ පුරුශ ජානත් ටිකක් මිස්ක් වෙච්ච කෙල්ලෙක්.. ඒකි කරන්නෙම කොලු වැඩ.. ඒකි නමිනං ගෙඩි ගොඩක් කඩාගෙන ගහෙන් සේප් එකේ බැස්සා.. අපිත් නමිනං ගෙඩි ඇරන් ලග තිබුණ දොල පාරට අල්ලලා හේදුවා..

" අයාන් මල්ලි කාපන් නමිනං ගෙඩියක් "

ෆරුකයා පැත්තකට වෙලා මුකේශ් මාමා පුවක් ගස් කපන දිහා බලාගෙන හිටිය අයාන් කොල්ලට කතා කරා.. ඌත් දොල ගාවට ආව..

" මොනාද මේ ?"

" නමිනං යකෝ දැන් කියපන් අහලවත් නෑ කියලා.. "

ෆරුකයා ඔලුවේ අත ගහගෙන කිව්වා.. ඇත්තටම මූ නමිනං ගැන අහලාවත් නැද්ද උගේ මූණ දැක්කම ඒක හැමෝටම තේරුණා..

සීතල කුසුම් | COLD FLOWERS | BLWhere stories live. Discover now