11 කොටස ❄️🌷

32 8 0
                                    


" ඉතින් අද දවසේ අපේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අප විදුහලෙන් සංවිධානය කරන ලද අපේම සිසුසිසුවියන් වෙනුවෙන්ම සංවිධානය කරපු අවුරුදු උත්සවේ මේ විදියට අපි පටන් ගන්න යන්නේ.. පාසලේ විදුහල්පති විදියට ඇත්තටම මට සතුටුයි මට සූර්‍යකාන්ති මැඩම් කිව්ව ලමයි කීප දෙනෙක් එකතු වෙලා මේ සැරසිලි ඔක්කොම කරේ කියලා.. ලමයින්ට මම ස්තූතිවන්ත වෙනවා.. හොදට වැඩේ කරලා තියෙනවා.... "

සංවිධායක මණ්ඩලේට මැඩම් හොද කියනවා අපිට ස්පිකර් වලින් ඇහුනා.. සංවිධායක මණ්ඩලේ සෙට් එකම හිටියේ ස්ටේජ් එක පිටිපස්සට වෙලා කන ගමන්..

" අන්න අපිට ස්තූති කරනවා බන් "

ෆරුකයා බනිස් කන තරගෙට ගෙනල්ල තිබ්බ බනිස් ගෙඩියක් කටේ ඔබන් කිව්ව.. හෙහ් සංවිධානය කරපු එකට ස්තූති විතරක් මදි කන්නත් එපැයි.. රාජා ආම්නා කේතකී ෆරුකයා තශිනි මම අපි ඔක්කොම කෑව ඒත් අයාන් මල්ලි තාප්පෙට ජැකක් ගහන් වටේ බල බල හිටියා.. මූ හෙන ඩීසන් පොර ඒක හින්දද කොහෙද ඕනවට එපාවට කන්නෙ නැත්තෙ.. අනේ මුගේ පුකේ පොස්..

" කාපන් "

" නෑ එපා අයියේ ඕනෙ නෑ ඔයාල කන්න "

මන් කේක් කෑල්ලක් ඇරන් අයාන් මල්ලි ගාවට ගිහින් ඌට කේක් කැල්ල කන්න කිව්වම මූ ඒක ප්‍රතික්ෂේප කරා.. මේ තරම් අලි ඔලුවක් මිනිහෙක්ට තියෙන්න පුලුවන්ද..

" ආනේ ලැජ්ජාව පැත්තක තියලා මේක කාපන් "

" ආහ්හ් "

" ම්-මොකෝ "

මන් කේක් කෑල්ල දෙන්න උගේ අතේ මැණික් කටුවට පොඩ්ඩක් උඩින් අල්ලලා අත ඇද්දම මූ කෑ ගැහුවා.. අඩෝ මලක් වගේනේ මූ.. මන් කේක් කෑල්ල පැත්තකින් තියලා උගේ දිගට තිබුණ ශර්ට් එකේ අත නැවුවා.. යකෝ අතේ රතු පාරවල්.. මන් ඒ පාරවල් අල්ලනකොට මූ ආයෙත් කෑ ගැහුවා..

සීතල කුසුම් | COLD FLOWERS | BLDonde viven las historias. Descúbrelo ahora