13 කොටස ❄️🌷

42 8 0
                                    


" තාත්තේ මම ගිහින් එන්නම් "

මන් ඇදුමේ කොලර් එකත් හද හද පඩිපෙලෙන් බහින ගමන් සාලේ ටීවී බල බල හිටිය තාත්තට කිව්වා..

" දැන් ඔය කොහෙද යන්නෙ ?"

තාත්තා මගේ දිහා බලලා ඇහුවා..

" රාජා මල්ලිලගේ ගෙදර.. "

" හරි ඉක්මනට ගෙදර එනවා.. මට කෝල් ගන්න තියන්න එපා "

" හරි තාත්ත අද හොස්පිටල් යන්නෑ.. "

" මට ඩේ ඕෆ් එක අද "

" හ්ම් "

මම තාත්තට වැදලා ගෙදරින් එලියට බැහැලා පයින්ම බස් හෝල්ට් එකට ආවා.. අද සෙනසුරාදා රාජා මල්ලි උන්ගේ ගෙදර එන්න කිව්වෙ අදනේ.. මන් උදේ නවයට විතර ලෑස්ති වෙලා බස් එකේ නැගලා උගෙ ගෙවල් තිබුණ ඇරැව්වලට ගියා.. ගෙවල් පාරෙන් බැහැලා පයින් උන්ගේ ගෙදරට ගියා.. මන් හිතුවේ තාත්තා මට යන්න දෙන්නෙ නැති වෙයි කියලා.. දවස් ගානකට පස්සෙ එයා අද තම ගෙදර ඉන්නෙ ඉතින් ඒ වගේ දවසක මට සමාන්‍යෙන් එලියට යන්න බෑ.. ඒත් මට එන්න දුන්න මරු හැබැයි.. කොහොමත් එයාට තේව් ගෙදර හිටියොත් ඇති දෙන්න එක්ක කොහේ හරි යයිනේ මම ගෙදර හිටියත් නැතත් එයා කොහොමත් කතා කරන්නෙ මල්ලි එක්ක විතරයිනේ..

" අඩේ සයාශ් අයියාආආ... "

මන් රාජා මලයගේ ගෙදර ගේට්ටුවෙන් ඇතුලට යනකොටම රාජා මලයා දුවගෙන ඇවිත් මයෙ අතේ එල්ලුනා.. ඌ මට වඩා කොටයි.. ඌ තමා උගෙ වයසෙ උසට ඉන්නෙ.. වයසට වඩා සයිස් පොර මන් යනකොට කෙල්ලො ටික වට කරන් කියෝ කියෝ ඉන්නවා.. මාව දැක්ක ගමන් ඌ හිනා උනා.. මාත් හිනා වෙලා රාජා මලයා එක්කම ගේට්ටුවෙන් ඇතුලට ගියා..

" අඩෝ සයාශ් මොකෝ බන් පරක්කු උනේ එන්න ?"

" නැගිට්ටෙ ටිකක් පරක්කු වෙලා බන් ඒකයි.. "

සීතල කුසුම් | COLD FLOWERS | BLWhere stories live. Discover now